ප්‍රපාතයක තිබී හමු වූ ගුරුවරියකගේ බවට සැලකෙන අස්ථි කොටස් ගැන වෝහාරික පරීක්ෂණ ආරම්භ කළා

  👤  3501 readers have read this article !
By mawbima 2018-08-22

මාතලේ-හේවා පී. කරුණාරත්න

මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ප්‍රපාතයක තිබී හමු වූ පොළොන්නරුව ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියකගේ බවට සැලකෙන අස්ථි කොටස් පිළිබඳ වෝහාරික අස්ථි විද්‍යාත්මක

පරීක්ෂණය 20දා ආරම්භ කළ බව මාතලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩී.එල්. වෛද්‍යරත්න මහතා 'මව්බිම'ට පැවැසීය.

ගුරුවරියක වන මනෝරි හංසිකා තොටගමුව (30) නමැත්තියගේ බවට සැකකොට නාඋල මහෙස්ත්‍රාත් ලුෂාකා ධර්මකීර්ති මහත්මියගේ නියෝගයක් අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කළ මෙම අස්ථි කොටස් විද්‍යාත්මක පරීක්ෂණය සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි විශේෂඥ වෛද්‍ය වෛද්‍යරත්න මහතා පැවැසීය.

සැමියා විසින් ඝාතනය කළ බවට සැලකෙන ගුරුවරියගේ අස්ථි කොටස් ඩී.එන්.ඒ.

පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිත බවත්, මාස දෙකක පමණ කාලයකින් වෝහාර විද්‍යාත්මකව නිගමනයකට පැමිණීමේ හැකියාව ඇති බවත් මාතලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩී.එල්. වෛද්‍යරත්න මහතා පැවැසීය.

ඝාතනය වූ බවට සැලකෙන ගුරුවරියගේ සැමියා විසින් කළ පාපෝච්චාරණයකින් අනතුරුව සිරුරේ කොටස් මොරගහකන්ද නැරඹුම් මධ්‍යස්ථානය අසල ප්‍රපාතයක තිබී පොළොන්නරුව පොලිසිය මඟින් සොයාගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon