හෙරොයින් පැකට් 25ක් ගුදයේ සඟවා ගෙන ආ ‘ට්‍රැක්ටර් භූතයා’ අනුරාධපුරයේදී අත්අඩංගුවට

  👤  3559 readers have read this article !
By mawbima 2018-08-22

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

කොළඹ සිට බස් රථයකින් හෙරොයින් පැකට් විසි පහක් ගුද මාර්ගයේ සඟවාගෙන අනුරාධපුර නගරයට ආ "ට්‍රැක්ටර් භූතයා" යන අන්වර්ථ නමින් හඳුන්වන සැකකරු උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක අනුරාධපුර පළාත් වැටලීම් එක්කයේ නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ථිර ස්ථානයක රැඳී නොසිටින සැකකරු විවිධ ප්‍රදේශවල සැඟවෙමින් හෙරොයින් ජාවාරමේ නිරතවී ඇති අතර පවුලේ සාමාජිකයන්ද ඊට උදවු උපකාර කර තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සැකකරු කොළඹ ප්‍රදේශයට ගොස් මගී බස් රථයකින් හෙරොයින් රැගෙන එන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායම අනුරාධපුර නව බස් නැවතුමේ සැඟවී සිට ඔහු බස් රථයෙන් බසිනවාත් සමඟම අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දැඩි පරීක්ෂාවට ලක්කරනු ලැබුවත් ඔහු සන්තකයේ හෙරොයින් නොතිබූ බවත් සැකයට මෙන් ඔහුගේ අධෝ මාර්ගය පරීක්ෂා කළ අවස්ථාවේ ඉටි උරයක දමා සඟවාගෙන තිබූ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 170ක් බර හෙරොයින් පැකට් 25ක් පොලිසිය මඟින් සොයා ගෙන තිබිණි.

සැකකරු එක් හෙරොයින් පැකට්ටුවක් රුපියල් 1000ක මුදලකට කොළඹින් මිලදී ගෙන රුපියල් 2500ක මුදලකට අනුරාධපුර නගරයේ අලෙවි කරන බව පොලිසිය පැවැසුවේය.

සැකකරු උළුක්කුළම ප්‍රදේශයේ පදිංචිකරුවකු වුවත් ඔහු එක් ස්ථානයක නොසිට විවිධ ප්‍රදේශවලට යමින් හෙරොයින් ජාවාරම කරන බවත් අත්අඩංගුවට ගත් 30 හැවිරිදි ට්‍රැක්ටර් භූතයා මීට පෙරත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බවත් පොලිසිය පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon