ලක්‍ෂ දෙකක අල්ලසක් ගත් බවට සැක ආනයන, අපනයන පාලකවරයාගේ ඇප ඉල්ලීම ඉවතට

  👤  3462 readers have read this article !
By mawbima 2018-08-22

කවින්ධ්‍යා පෙරේරා

වසර 10ක් පැරැණි වාහන දෙකක් නීත්‍යනුකූලව ජපානයෙන් ගෙන්වා ගැනීම සඳහා ආනයන, අපනයන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාදීමට කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා එම මුදල ලබා නොදුන් හෙයින් නිර්දේශ කර ලබාදුන් බලපත්‍රය අවලංගු කරන බවට පවසා රුපියල් ලක්‍ෂ දෙකක මුදල ඉල්ලා ලබා ගත්තා යැයි කියන ආනයන, අපනයන දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා වෙනුවෙන් සිදු කරනු ලැබූ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඊයේ (21) ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

අදැළ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ සැකකරුට ඇප ලබාදීමට තරම් අතිවිශේෂ කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.
මෙලෙස ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු තවදුරටත් ලබන සැප්තැම්බර් 04 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙලෙස තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 130/, කලල්ගොඩ, පන්නිපිටිය ලිපිනයේ පදිංචි මහගමගේ ගාමිණි යන අයයි.

වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පැමිණිලිකරු මෙම වාහන දෙක නීත්‍යනුකූලව ජපානයෙන් ගෙන්වා ගැනීම සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාදීමට කටයුතු කරදීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක අල්ලස් මුදලක් සැකකරු විසින් ඉල්ලා සිටි බවත් එම මුදල ලබා නොදුන් බැවින් නිර්දේශ කර ලබා දුන් බලපත්‍රය අවලංගු කරන බවට පවසා නැවතත් රුපියල් ලක්‍ෂ දෙකක මුදල ඉල්ලා සිටි බවට පැමිණිලිකරු විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව පැමිණිලිකරු සැකකරු සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර අදාළ මුදල ලබා ගැනීම සඳහා තලවතුගොඩ
මොනෑෂ් හෝටලයට පැමිණීමට තීරණය කරගෙන තිබූ අතර අදාළ ස්ථානයට කැබ් රථයකින් පැමිණි සැකකරු රුපියල් ලක්‍ෂ දෙකක මුදල ලබාගෙන කැබ් රථයට දමා ගත් පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඉකුත් ජූලි 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

නඩුව යළිත් ලබන සැප්තැම්බර් 04 වැනිදා කැඳවීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon