ජාතික ප්‍රවීණයන්ගේ මේස පන්දු තරගාවලියට එන ක්‍රීඩා සමාජ 12 දාට පෙර දන්වන්න

  👤  3442 readers have read this article !
By mawbima 2018-08-22

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේසපන්දු සංගමය සංවිධානය කරන ජාතික ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සමාජ මේසපන්දු තරගාවලිය සැප්තැම්බර් මස 22 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පිරිමි අංශයේ තරග 'ඒ', 'බී' සහ 'සී' වශයෙන් කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙන අතර කාන්තා අංශය සඳහා ලැබෙන අයැදුම්පත් සංඛ්‍යාව අනුව කාණ්ඩගත කිරීමට නියමිතය. ඒ අනුව එක් පිරිමි කණ්ඩායමකට අවම වශයෙන් ක්‍රීඩකයන් 3ක් ඇතුළත් විය යුතු අතර පිරිමි කණ්ඩායමකට ඇතුළත් විය යුතු උපරිම ක්‍රීඩකයන් ගණන 4ක් බව ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේසපන්දු සංගමය පවසයි. කෙසේ වෙතත් කාන්තා
අංශයේ එක් කණ්ඩායමකට ඇතුළත් විය යුතු උපරිම ක්‍රීඩිකාවන් ගණන 3කි.

කෙසේ වෙතත් ජාතික ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සමාජ මේසපන්දු තරගාවලිය සඳහා වන අයැදුම්පත්ය[email protected], [email protected][email protected] gmail.com  විද්‍යුත් ලිපිනයන්ට සැප්තැම්බර් මස 12 වැනිදාට පෙර යොමු කළ යුතු අතර මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර එම සංගමයේ උප ලේකම් අතුල හෙට්ටිආරච්චි (අංක _ 0718893883) සහ තරගාවලි කමිටු සභාපති පූජිත විතාන (අංක _ 0777280551) යන මහත්වරුන් අමතා ලබා ගත හැකිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon