වැලිකඩ ජරමරේ හොයන්න කමිටුවක්

  👤  3455 readers have read this article !
By mawbima 2018-08-22

කුමුදු උපුල් ශාන්ත

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රැඳවියන් ඔවුන් රඳවා සිටි නිවස්නවල වහල මතට නැඟී පෙරේදා (20දා) පස්වරුවේ සිදුකළ කලහය පිළිබඳව සොයා බැලීම සඳහා බන්ධනාගාර සහකාර අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් පත්කර තිබේ.

බන්ධනාගාර දේපළවලට අලාභහානි සිදු කිරීම, බන්ධනාගාරය තුළ කැරැල්ලක් ඇති කිරීමට තැත් කිරීම, නිලධාරීන්ගේ හා නිලධාරිනියන්ගේ රාජකාරියට බාධා පැමිණවීම යන කරුණු කාරණා පිළිබඳව සොයා බැලීම මෙම කමිටුව වෙත පැවරී ඇති බවද දැන ගැනීමට තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර ප්‍රකාශකයකු කියා සිටියේ ඉහත සඳහන් කළ වැරැදි සිදු කිරීම බන්ධනාගාර ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එකී රැඳවියන් එම වැරැදිවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වුවහොත් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත යොමු කර ඔවුන්ට උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවත්ය. මේ අතර බන්ධනාගාර කාන්තා අංශයේ දේපළවලට සිදුකර තිබෙන අලාභහානි කොතෙක්ද යන්න පිළිබඳව තක්සේරු කිරීම බන්ධනාගාර ගොඩනැඟිලි අංශයට පවරා ඇති බවද එකී ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon