විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති මතය යළි විමසීම කල් මැරීමක්

  👤  3477 readers have read this article !
By mawbima 2018-08-22

ජේ.ටී. ද සිල්වා,
රුචිර දිලාන් මධුශංඛ

පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශය ගැන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව හෝ එහි ප්‍රතිපාදන නොමැති නම් එම නියෝග සංශෝධනය කර හෝ ඇයට විරුද්ධව ක්‍රියාකරන ලෙසට නීතිපතිවරයා පැහැදිලි මතයක් එවා තිබියදී එය අපැහැදිලි බව සඳහන් කරමින් කථානායකවරයා යළිත් නීතිපතිවරයා විමසීම, මෙම ප්‍රශ්නය අල්ලාගෙන කල් මැරීමට දරන උත්සාහයක් බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පවසති.

පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන රැස්වීම් වාරයේදී මූලාසනයෙන් ඒ ගැන විමසීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

මේ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ස්ථාවර නියෝග සංශෝධන කිරීමක් අවශ්‍ය නැති බව බැලූ බැල්මට හැඟී යන බවත් යම් ලෙසකින් එසේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඊට පූර්ණ සහාය ලබාදීමට කටයුතු කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් බොහෝදෙනකු සූදානමින් සිටින බවත් 'සිරිකොත' ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෙට (23දා) කථානායකවරයා විසින් සභාව දැනුවත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon