හිටපු ජනපති සොහොයුරු චන්ද්‍රා රාජපක්‍ෂ අභාවප්‍රාප්ත වෙයි

  👤  3660 readers have read this article !
By mawbima 2018-08-22

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු සොහොයුරකු වූ ටියුඩර් චන්ද්‍රා රාජපක්ෂ මහතා ඊයේ උදෑසන තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක සමරසිංහ මැතිනියගේ සිවුවැනි දරුවා ලෙස ජන්මලාභය ලැබූ කීර්තිමත් වැවිලිකරුවකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ ඔහු මිය යන විට 70 වැනි වියෙහි පසුවිය.

අකුරැස්සේ රම්‍යා ගුණසේකර හෙට්ටිආරච්චි මැතිනියගේ දයාබර ස්වාමියා වූද, චමින්ද රාජපක්ෂ මහතාගේ සෙනෙහෙබර පියාණන් වූද, කෞශල්‍යා වික්‍රමසිංහ මහත්මියගේ මාමණ්ඩිය වූ චන්ද්‍රා රාජපක්ෂ මහතා හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ යන අයගේ සහ නැසීගිය ගාන්ධිනී රාජපක්ෂ හා ජයන්ති රාජපක්ෂ යන අයගේ සෙනෙහෙබර සොහොයුරායි. චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය තංගල්ල මැදමුලන නිවෙසේ තැන්පත් කර ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon