අන්තරේට ඊයේත් කඳුළු ගෑස් -බැටන් ප්‍රහාර

  👤  3492 readers have read this article !
By mawbima 2018-08-22

නුවන් හෙට්ටිආරච්චි

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට ඊයේ (21දා) උද්ඝෝෂණයේ නියැළුණු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් හට පොලිසිය විසින් එල්ල කරනු ලැබූ කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා පහරදීම් හේතුවෙන් ශිෂ්‍යයන් 8 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව, අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එහි කැ¼දවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට විරෝධය පාමින්, එම ශිෂ්‍යයා හට යළි ශිෂ්‍ය භාවය ලබාදෙන ලෙස ඉල්ලමින් තාක්ෂණ පීඨයේ ශිෂ්‍යයන්ගේ විභාග අයිතිය වසරක් තිස්සේ උල්ලංඝනය කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිදුකරන අත්තනෝමතික ක්‍රියාදාමයන්ට එරෙහිව මේ උද්ඝෝෂණය ක්‍රියාත්මක කළ බවයි. එහිදී අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගිහාන් වීරසේකර ශිෂ්‍යයාගේ උරහිස ප්‍රදේශයට පොලිසිය සිදු කළ පහරදීමකින් බරපතළ තුවාල සිදුවී ඇති බවත් කැලණිය විශ්විද්‍යාලයේ සිසුන් දෙදෙනකුගේ හිසට එල්ල කළ බැටන් ප්‍රහාර හේතුවෙන් ඔවුන්ද බරපතළ තුවාල ලබා ඇති බවත් හෙතෙම ස¼දහන් කළේය.

පොලිසිය සිසුන්ගේ හිසට, මුහුණට හා උරහිස ප්‍රදේශවලට බැටන් ප්‍රහාර එල්ල කරමින් සිදුකළ ම්ලේච්ඡ පහරදීම් හෙළා දකින බවත්, ඉදිරියේදී සිය විරෝධතා තීව්‍ර කරමින් විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු කීය. රෝහල් ගතකළ ශිෂ්‍යයන් පිළිබඳව කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය සඳහන් කළේ ශිෂ්‍යයන් 5 දෙනකු පමණ ඊයේ (21දා) සවස 6.00 පමණ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් ඒ අතර ස්වාමීන් වහන්සේ නමක්ද සිටි බවත්ය. එසේම තවත් කීප දෙනකු ද හදිසි ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබාගත් බවද ඔහු පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon