පුරන් කුඹුරු අස්වැද්දුවේ නැත්නම් යුද හමුදාවට ලබාදී අස්වද්දනවා - කෘෂි ඇමැති මහින්ද අමරවීර

  👤  3305 readers have read this article !
By mawbima 2018-09-11

නුවන් හෙට්ටිආරච්චි

පුරන් වී ඇති කුඹුරු අස්වැද්දවීමට පියවර නොගන්නා අයිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම පුරන් කුඹුරු සිවිල් ආරක්ෂක අංශ හෝ යුද හමුදා වෙත ලබා දී අස්වැද්දීමේ වැඩපිළිවෙළක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි. මේ වන විට ඊට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් පුරන්ව ගිය කුඹුරු අස්වැද්දවීම සඳහා එම කුඹුරු අයිතිකරුවන් පෙලඹවීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කුඹුරු අක්කර 1,40,000ක් පමණ මේ වන විට පුරන්ව ඇති බවත් ඉන් දැනටමත් කුඹුරු අක්කර 1,14,000ක්ද වගා කළ හැකි බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊට ජාතික වශයෙන් පොලඹවන පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන හඳුන්වා දෙන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon