ලොව ප්‍රධාන බහාලු මෙහෙයුම් කරන වරායන් අතර මුල් තැනට කොළඹ වරාය පත්වෙයි

  👤  3309 readers have read this article !
By mawbima 2018-09-11

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ඇල්ෆාලයිනර් වාර්තාවලට අනුව 2018 පළමු අදියරේදී ලෝකයේ ප්‍රධාන බහාලු මෙහෙයුම් සිදු කරන වරායන් අතර පළමු ස්ථානයට පත්වීමට කොළඹ වරාය සමත්වී තිබේ.

යුරෝපීය වරායන්, ඩුබායි හා ආසියානු වරායන් අතරින් කොළඹ වරායට මෙසේ පළමු ස්ථානය හිමිව ඇත.

ඇල්ෆාලයිනර් වාර්තාවලට අනුව බහාලු මෙහෙයුම් සිදු කරන වරායන් අතර පළමු ස්ථානයේ පසුවූ සිංගප්පූරු වරාය 11.6%ක වර්ධනයක් පෙන්නුම් කරමින් දෙවැනි ස්ථානයද 8.6%ක වර්ධනයක් පෙන්නුම් කරන ගොන්ෂු වරාය තෙවැනි ස්ථානයටද පත්ව තිබේ.

2017 වසරේදී කොළඹ වරාය බහාලු මෙහෙයුම් මිලියන 6.2 සීමාව ඉක්ම වීමටද සමත් වූ අතර ච්ඥපඹපර වරාය සම්බන්ධතා දර්ශකයට අයත් වරායන් 20න් 13 වැනි ස්ථානයට පත්වීමටද සමත් විය.

වරාය හා සමුද්‍රීය සේවා හා සම්බන්ධ වරාය අධිකාරිත්වය, පර්යන්ත මෙහෙයුම්කරුවන්, සේවා සැපයුම් ආයතන, මූල්‍ය ආයතන ආදී දත්ත මත පදනම් කර ගනිමින් ඇල්ෆාලයිනර් වාර්තා සකස් කිරීම සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon