ජනපති, අගමැති හෝ හිටපු ජනපති වෙනුවෙන් පෙනී ඉන්න මට වුවමනාවක් නෑ

  👤  3497 readers have read this article !
By mawbima 2018-09-11

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් හෝ කිසිම ලෙසකින් පෙනී සිටීමට අවශ්‍ය නැතැයි පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පසුගිය 7දා බුලත්සිංහලදී කීවේය.

වනජීවී හා තිරසර අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පිළිබඳ කර ඇති ප්‍රකාශය සහ වනජීවී අමාත්‍යාංශය වෙනුවෙන් ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වූ පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ මෙසේද කීහ.

මේ සියලු දේශපාලනඥයන් මේ රටේ පොදු දේපළ විනාශ කරන, පරිසර පද්ධතීන් විනාශ කරන අහිංසක මිනිසුන්ගේ ජීවිත කාබාසිනියා කරන පිරිසක්. ඒ පාලක පිරිස යටතේ නඩත්තු වෙමින් ඒ පිරිස යටතේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් සුඛවිහරණ ලබන ගමන් පාලකයන්ගේ නියෝජිතයන් යැයි අපව හංවඩු ගැසීම ගැන අපි කනගාටු වෙනවා.

ඉතා හොඳ කළමනාකරණ ක්‍රියාවලියක් ආවොත් අලි මිනිස් ගැටුම ඇතුළු සම්පූර්ණ ක්‍රියාවලියම මහා භාණ්ඩාගාරයට බරක් නොවී

කළමනාකරණය කර ගත හැකියි.

මෙවැනි තත්ත්වයක් තිබියදී සරත් ෆොන්සේකා ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා රුපියල් මිලියන 4,963ක් අලි මිනිස් ගැටුම කළමනාකරණයට ඉල්ලා තිබෙනවා. ඊට අමතරව තව තව රුපියල් බිලියන ගණන් ඉල්ලා තියෙනවා. ආයෙත් මිලියන එකසිය ගාණක් ඉල්ලා තිබෙනවා. මේ වගේ විශාල මුදලක් මේ කැබිනට් පත්‍රිකාවට ඉදිරිපත් කර තිබෙනවා. මේ වගේ සහගහන මහා අපරාධ කරන්න එපා. ඔබතුමා අපට බැන්නට කමක් නැහැ. මේ වගේ ජාතික ධනය විනාශ කරන්න එපා.

වනජීවී සහ තිරසර සංවර්ධනය පිළිබඳ ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මට පාහියන්ගල පරිසරවේදියා කියලා ආමන්ත්‍රණය කරලා තිබුණා. අඩුම තරමේ හාමුදුරුනමක් කියලාවත් එතුමාට කියා ගන්න බැරිව ඉතාම නිර්ලජ්ජිත විදියට වචන පාවිච්චි කරනවා. මේ වගේ කෙනකු රටේ ජනාධිපති බවට පත් නොවුණේ රටේ පිනකට, වාසනාවකටයි.

එතුමා කියන විදියට, එතුමාගේ මේ ක්‍රියා කලාපය අනුව එතුමාගෙ කාලය තුළදී මේ අලි මිනිස් ගැටුම නතර කරන්න කවදාවත් හැකි වෙන්නෙ නැහැ. ඉඩම් අක්කර දහදාහක් තෘණ භූමි සඳහා දෙන්න දැන් ඇමැතිවරයා උත්සාහ කරනවා. සරත් ෆොන්සේකා මහතා උත්සාහ කරන්නෙ ප්‍රධාන රක්ෂිත භූමි ඇතුළත තිබෙන වනජීවී දෙපාර්තමේන්තුවේ නවාතැන්පළවල් පෞද්ගලික අංශයට ලබාදීමටයි. ෆීල්ඩ් මාෂල් ඔටුන්න පැත්තකින් තියලා සාමාන්‍ය මිනිසකු ලෙස මහ පාරට, රක්ෂිත වනයට බැහැලා මේ ප්‍රශ්න දෙස බලන්න කියලා අපි ආරාධනය කරනවා.

වනජීවී ඇමැතිවරයාගේ අලුත් කැබිනට් පත්‍රිකාව මඟින් වනජීවී දෙපාර්තමේන්තුවට (ඒම්-47) ඒ.කේ. 47 තුවක්කුව භාවිත කරන්න සූදානම් වෙනවා. මෙවැනි ගිනි අවි 2567ක් වනජීවී නිලධාරීන් ඇතුළු සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසකට මේ ගිනි අවි දෙන්න කටයුතු කරනවා.

සිවිල් ආරක්ෂක භටයන් විශාල පිරිසක් අලි නිසා පීඩාවට පත්වූ පිරිසක් නිසා මේ බොහෝ දෙනකුට අලි පිළිබඳ කරුණාවක් නැහැ. මේ පිරිසට මෙවැනි ගිනි අවියක් ලබාදීම මඟින් වනජීවීන්ට, වන අලින්ට ඉතාම අවාසනාවන්ත ඉරණමක් අත් වෙනවා. මේ ගිනි අවි ලබාදෙන්නෙ වනජීවී එකේ අපරාධ මැඬලන්න කියලා කියනවා. වනජීවී දෙපාර්තමේන්තුව තුළ අපරාධ සිදුවෙන්නෙ සියයට පහක් හෝ හයක් පමණයි.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon