පොලිසිය ළඟ කලහ කරගත් අයෙක් රෝගී වී ජීවිතක්ෂයට සැකපිට අයෙක් අත්අඩංගුවට

  👤  3194 readers have read this article !
By mawbima 2018-09-11

කොළඹ - එම්. සී. පෙරේරා

හෙරොයින් සමඟ අත්අඩංගුවට පත් වූ පුතු බැලීමට පැමිණි පියකු අඟුලාන පොලිසිය ආසන්නයේදී පුද්ගලයකු සමඟ කලහකාරී ලෙස හැසිරීමෙන් පසු හදිසියේ රෝගී වීමෙන් අනතුරුව 8දා මියගොස් තිබේ.

අඟුලාන මුහුදුබඩ මාර්ගයේ පදිංචිව සිටි තෙල්ගේ නීල් ප්‍රියන්ත පීරිස් (55) නමැති අයකු මෙලෙස මියගොස් තිබේ.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
රත්මලාන කුඩු අංජු නමැති ජාවාරම්කරුගේ ගෝලයකු කිසියම් පුද්ගලයකු බලාපොරොත්තුවෙන් ලූනාව පාලම අසල රැඳී සිටින බවට අඟුලාන පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබිණි.

එම අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් හතරක් හා මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් එක් ලක්ෂ තිස් තුන් දහසක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු බැලීම සඳහා මියගිය පුද්ගලයා පසුගියදා (8දා) රාත්‍රි මත්පැන් පානය කර පොලිසියට පැමිණ යළි නිවෙස කරා යමින් සිටියදී මෙම ගැටුම හට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙමටගොඩ පදිංචි 62 හැවිරිදි අයෙකි.

ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකර, අඟුලාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහත්වරු පරීක්ෂණ පැවැත්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon