තාරුණ්‍යයට හෙටක් සංවිධායකට විදෙස් ගතවීමට අවසර

  👤  3184 readers have read this article !
By mawbima 2018-09-11

අමිල අබේරත්න

පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු රාජ්‍ය දැව සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු සහ තාරුණ්‍යයට හෙටක් සහ නිල් බළකාය සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයකු වශයෙන් කටයුතු කළ රජයේ මුදල් සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් රත්රන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි චම්පික කරුණාරත්න යන අයකුට ලබන වසරේ පෙබරවාරි 15 වැනිදා දක්වා විදේශ ගතවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අවසර ලබා දුන්නාය.

ඔහු අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය ඔහුට එලෙස තාවකාලිකව විදේශ ගතවීම සඳහා අවසර ලබාදුන් අතර අධිකරණයේ නියමය පරිදි නඩුවේ ඉදිරි දිනය වන පෙබරවාරි 15 වැනිදා ඔහු අධිකරණයේ පෙනී සිටිය යුතු බවද නියෝග කෙරිණි.

රජයේ මුදල් රුපියල් මිලියන 2.8ක මුදලක් වංචා සහගතව භාවිත කිරීම, රෙගුලාසි උල්ලංඝනය කරමින් රේගුවේ වෙන්දේසියකින් මිලදී ගත් කිලෝග්‍රෑම් 1100ක් ළඟ තබා ගැනීම සහ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් සහ මහාමාර්ග අමාත්‍යාංශයෙන් වැටුප් දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහුට එරෙහිව නඩු පවරා ඇත. පසුගිය රජය සමයේ එම ආයතන දෙකෙහිද ඔහු ඉහළ තනතුරු දරා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon