රජයේ මුදල් මිලියන 4223ක් අවභාවිත කිරීමේ සිද්ධිය එන්ට්‍රස්ට් ලිමිටඩ් සභාපතිට වරෙන්තු

  👤  3271 readers have read this article !
By mawbima 2018-09-11

අමිල අබේරත්න

එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පී.එල්.සී. සමාගම මඟින් විදුලිබල මණ්ඩලයේ විශ්‍රාම අරමුදල සහ අර්ථසාධක අරමුදල ඇතුළු රජයේ මුදල් රුපියල් මිලියන 4,223ක් අවභාවිත කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය කළා යැයි කියන සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවකු වන එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පී.එල්.සී. සහ එන්ට්‍රස්ට් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර යන අයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය වරෙන්තු නිකුත් කළාය.

මහෙස්ත්‍රාත්වරිය එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ එන්ට්‍රස්ට් ලිමිටඩ් සමාගමේ සේවය කළ සේවකයන් පිරිසකට එක්කෝටි හතළිස් දෙලක්ෂයක පමණ වැටුප් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එන්ට්‍රස්ට් ලිමිටඩ් සමාගමට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුවකට අදාළව පෙනී නොසිටීම සම්බන්ධයෙනි. ඉකුත් නඩු දිනයේදී ද ඉසිර ධර්මප්‍රිය යන අය නඩුව සම්බන්ධයෙන් පෙනී සිටියේ නැත.
නඩුව ලබන මස 12 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon