ස්වර්ණාභරණ මත රිදී ආලේප කොට රේගු නිලධාරීන් නොමඟ යැවීමට තැත් කළ ඉන්දීය ජාතිකයා දැලේ

  👤  3156 readers have read this article !
By mawbima 2018-09-11

කටුනායක - ගයා තිරිමාදුර

රේගු නිලධාරීන් නොමඟ යැවීම සඳහා ස්වර්ණාභරණ මත රිදී ආලේප කර නීති විරෝධී ලෙස ස්වර්ණාභරණ කීපයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු 38 හැවිරිදි ඉන්දියාවේ මුම්බායි හි පදිංචිකරුවෙකි.

ඔහු පෙරේදා (9දා) සවස 4.30ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ඔහු විසින් රැගෙන ආ ගමන්මල්ලේ රිදී ආලේපිත ස්වර්ණාභරණ සඟවා ගෙන තිබූ අතර ඒවා ග්‍රෑම් 601.83ක් බර රුපියල් 39,11,895 (තිස් නව ලක්ෂ එකොළොස් දහස් අටසි අනූ පහක්) වටිනා බව රේගුව ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon