යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සම්මත වූ යෝජනාව ජිනීවා කවුන්සලයට

  👤  3166 readers have read this article !
By mawbima 2018-09-11

ලක්‍ෂ්මී ජයකොඩි

ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගනු ලැබූ යෝජනාව මෙම සතියේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයට භාරදීමට කටයුතු කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රි කේ. සිවාජිලිංගම් මහතා 'මව්බිම'ට පැවැසීය.

එමඟින් ජාතික ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදීමට ලංකා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලා ඇතැයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය. මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවලට භාරදීමට කටයුතු කරන බවද මන්ත්‍රිවරයා පැවැසුවේය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ සැප්තැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරය සඳහා තමන් සහභාගි වීම ඉදිරි දින කිහිපයේදී තීරණය කරන බවත් එහෙත් උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සෂිදරන් මහත්මිය මෙම සැසියට සහභාගි වීමට නියමිත බවත්ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon