රට පාලනය කරන්නේ මොකවත් නොදන්න පිරිසක් එය වෙනස් කිරීමට වුවමනා අය දේශපාලනයට එන්නේ නෑ - පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල

  👤  3190 readers have read this article !
By mawbima 2018-09-11

ආරියරත්න ගනේගොඩ

පොත් ගැන වැඩිය මම දන්නේ නැහැ. අපහාසය, උපහාසය ලියන්නේ කතා කරන භාෂාවෙන් බව මම දන්නවා. ඒ කෙසේ වෙතත් අපි ලියනවා, කියවන කට්ටිය අඩුයි. රට පාලනය කරන්නේ මොකවත් නොදන්න පිරිසක්! එය වෙනස් කිරීමට වුවමනා අය දේශපාලනයට එන්නේ නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

"අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සියයක්" නමැති පොත එළිදැක්වීමේ උත්සවයේදී උදය ගම්මන්පිල මහතා එසේ පැවැසීය.

ලියුම් සියයක් පොතක් කර එය එළිදැක්වීමේ උත්සවය කොල්ලුපිටිය නාගරික ආසනයේ කොළඹ 3 පෙරහර මාවතේ අල්විස් පෙදෙසේ අයිඩියා හෝල් ශාලාවේදී පොතේ කර්තෘ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි මිලින්ද රාජපක්ෂ මහතා (ශ්‍රී ලංපොපෙ) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කර්තෘවරයාගේ ආරාධනයෙන් වේදිකාවට පැමිණි උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා
නාගරික මන්ත්‍රි මිලින්ද රාජපක්ෂ මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්වීමට පෙර 2013 වසරේදී ජගත් සමුළුවකත් ඉන්පසුව ඉන්දියාවේදී පැවැති සමුළුවකදීත් මට මුණගැසුණා.

අද රටෙත් සමාජයෙත් සිටින්නේ සෑම දෙයක් ගැන අලුතින් සිතන පිරිසක්. මම කල්පනා කරන හරිමඟ දැක්වෙන අදහස් ඉදිරිපත් කරන අය අද බහුලව දක්නට ලැබෙනවා.
2015 මහ මැතිවරණයෙන් පසුවත් මිලින්ද රාජපක්ෂ මහතා හමුවුණා. මිලින්දගේ ලිපි කියෙව්වා. ඒ ලිපිවලින් සමාජයට වැඩදායී ලෙස සැකසූ බොහෝ දේවල් තිබීම පිළිබඳව මම සතුටට පත්වෙනවා.

මෙම පොතේ පෙරවදන ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතාගේ ප්‍රවිශ්ඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති ආචාර්ය චරිත හේරත් සහ පසුවදන හම්බන්තොට දිසා පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ නාමල් රාජපක්ෂ මහත්වරුන් ලියා තිබීම සතුටට කරුණක් බවද හෙතෙම කීය. මේ අවස්ථාවේ මිලින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් වරුණි අමුණුගම ප්‍රනාන්දු මහත්මියටත් පොත් පිළිගැන්වීය.

ඇමැති ආචාර්ය සරත් අමුණුගම, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම, ඇමැති පාඨලී චම්පික, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ‍ෙදාස්තර නලින්ද ජයතිස්ස මන්ත්‍රිතුමාලාටත් ආරාධනා කෙරුවා. ඉහත සඳහන් ආරාධිත අමුත්තන්ගෙන් ටික කලකට ඉහතදී හදිස්සියේ අභාවප්‍රාප්ත වූ ආදිල් බාකීර් මාකාර් තරුණයා සහ පොතේ කර්තෘ මිලින්ද රාජපක්ෂ මහතාගේ ඉගෙන ගැනීමේ ඇසුර හා සම්බන්ධකම් ගැන මෙහිදී නීතිඥ ඉමිතියාස් බාකීර් මාකාර් මහතා සතුටයි කඳුළුයි අතරේ කරුණු දැක්වීය.

මව්බිමේ අරුණි මල්ලවආරච්චි, සංඛ දිනෙත්, ඩබ්ලිව්. ඩී. රණසිංහ, දසුන් පතිරණ, සමරකෝන්, රිවිර කර්තෘ රමේෂ් වරල්ලේගම, පියුම් පෙරේරා, ප්‍රේමනාත් ‍ෙදාළවත්ත, මාලින්ද සෙනවිරත්න, සේනානි සමරනායක, එරන්ද ගිනිගේ, සංඛ එදිරිමාන්න, නුවන් ගම්මන්පිල ඉරාජ් වීරරත්න, කැලුම් ප්‍රියංකර, සංජක ප්‍රසාද්, සුරේඛා සමරසේන, අමිල යහලේනාවල, ලක්ෂිත මුණසිංහ කියන මම ලියන ඒවා කියවන අයවළුන් බව මෙහිදී කතුවරයා පැවසීය.

මෙම පොත මුද්‍රණය කර පළ කිරීමට උපුල් ශාන්ත සන්නස්ගල මහතා භාරගත් අතර ඔබට කරන මේ ආරාධනාව අයිතිකාරයෝ භාර නොගත් ලියුම් ගොඩට නොවැටෙන බව තමාට විශ්වාස යැයි කොළඹ නාගරික මන්ත්‍රි මිලින්ද රාජපක්ෂ මහතා සැම දෙනාටම ස්තුතිය පළ කරමින් කීය.

මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිනි සුනේත්‍රා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මිලින්ද රාජපක්ෂ මහතා විසින් විරචිත අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක් නමැති කෘතිය එළිදැක්වීමේ උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගි විය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon