වසර 21ක් තිස්සේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුමක් නෑ ගුරු - විදුහල්පති වැඩ වර්ජනයක් නුදුරේදීම අරඹනවා සමස්ත ලංකා ගුරු සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

  👤  3203 readers have read this article !
By mawbima 2018-09-11

අනුරාධා හේරත්

වසර 21ක් තිස්සේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවට පිළියමක් නොදීම හා ඔවුන්ගේ මාස 30ක හිඟ වැටුප් නොගෙවීම මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති වැඩ වර්ජනයක් නුදුරේදීම ඇරැඹීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා ගුරු සේවා සංගමය අනතුරු අඟවයි. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවැසුවේ අදාළ ඉල්ලීම් දෙක පිළිබඳ කරුණු දක්වා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිඛිතව දැනුම් දුන් නමුත් නිවැරැදි විසඳුම් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.

කෙසේ නමුත් තම සංගමයේ ඉල්ලීම සලකා බැලීමට රජයට අවස්ථාව ලබාදී ඇති අතර එය නොසලකා හරින්නේ නම් ඉදිරියේදී ගුරු - විදුහල්පතිවරුන් එක්වූ දැවැන්ත වැඩ වර්ජනයක් දියත්කරන බව ජයසිංහ මහතා අවධාරණය කළේය.

විශේෂයෙන්ම වැඩ වර්ජනයකට යෑමට ඊට අදාළව සියලු වෘත්තීය සමිතිවලට විවෘත ආරාධනයක් කරන බවද ඒ මහතා කීය. අදාළ වැටුප් විෂමතාව පැනනැඟුණේ 1997 සිට වන අතර දිගින් දිගටම වැටුප් වැඩි කරන ලෙස පැවැති සහ පවතින ආණ්ඩුවලට බල කළ නමුත් විසඳුමක් නොලැබුණු බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon