සෞඛ්‍ය සේවාව තුළ කරන වංචා, දූෂණ හා අකටයුතු පිළිබඳ විධිමත් විමර්ශන කරන්න සෞඛ්‍ය ඇමැතිගෙන් විමර්ශන ඒකකයට උපදෙස්

  👤  3161 readers have read this article !
By mawbima 2018-09-11

උදයන්ති මුණසිංහ

සෞඛ්‍ය සේවාව තුළ කරන වංචා, දූෂණ සහ අනෙකුත් අකටයුතුකම් පිළිබඳ විධිමත් විමර්ශන කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට උපදෙස් දී තිබේ.

වෛද්‍යවරුන් කරන විවිධ අකටයුතුකම්, රාජකාරි වේලාවේ පෞද්ගලික වෛද්‍ය සේවා කිරීම, නොමිලේ දෙන අක්‍ෂි කාච, ස්ටෙන්ස් වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව රහසිගතව පරීක්‍ෂණ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

ඒ අනුව දිවයින පුරා ඇති මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් සියල්ලම විමර්ශනය කරන ලෙසට උපදෙස් දී ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් දීමට අමාත්‍යවරයා මෙහිදී එකඟ වූවේය. මෙම විමර්ශන ඒකකයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස සුදත් රත්නවීර මහතා පත් කිරීමටද නියමිතව ඇති අතර විමර්ශන කටයුතු කිරීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා නව අධ්‍යක්‍ෂවරයාට මෙහිදී උපදෙස් දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ සේවා කටයුතු විධිමත් කිරීම පිළිබඳ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට මෙලෙස උපදෙස් දුනි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon