මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වසරකට ඩොලර් බිලියනයක විදෙස් විනිමය ලබන කර්මාන්තයක් කළ යුතුයි - අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

  👤  3225 readers have read this article !
By mawbima 2018-09-11

පහන් විජේසේකර

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය වාර්ෂිකව ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමය උපයන කර්මාන්තයක් බවට පත් කළ යුතු යැයි විද්‍යුත්, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කියයි.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් නැඟෙනහිර වෙරළ ආශ්‍රිතව සහ උතුරු මැද පළාතේ නව ඛනිජ සම්පත් නිධි සොයාගෙන ඇති බවත් එම සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමට සැලැස්වීම රජයේ යුතුකම බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් අමාත්‍ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා රුපියලේ අගය පවත්වාගෙන යෑම සඳහා විදේශ විනිමය ඉපැයීම විශාල වශයෙන් වර්ධනය කිරීමට අවශ්‍යව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට විශාල දායකත්වයක් සැපයිය හැකි බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon