ධර්මරාජ බාලදක්‍ෂ සැමරුමට ආපදා කළමනාකරණ පුහුණුවක්

  👤  3175 readers have read this article !
By mawbima 2018-09-11

 

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්‍ෂ සමූහයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට මෙරට බාලදක්‍ෂයන් සඳහා ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීම යටතේ සැප්තැම්බර් මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා ධර්මරාජ විද්‍යාලයීය ලේක්වීව් පාර්ක් ජාත්‍යන්තර බාලදක්‍ෂ මධ්‍යස්ථානයේදී 'ඉඡ්අඊර්ණීඅඒ - 2018' නමින් පැවැත්වීමට නියමිතය.

දිවයින පුරා විසිරී සිටින බාලදක්‍ෂයන් සහ නායකයන් 1000ක් පමණ දෙනා මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට නියමිත අතර එහිදී ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට නියමිතය. දිනෙන් දින වර්ධනය වන ආපදා තත්ත්ව හමුවේ ඒවායෙන් සිදුවන විපත් අවම කිරීමේදී මෙවැනි පුහුණු වැඩසටහන් මඟින් විශාල සහනයක් අත්වන බවත් විශේෂයෙන්ම බාලදක්‍ෂයන් වෙත මෙම පුහුණුව ලබාදීමෙන් ඉදිරි ආපදා කළමනාකරණයේදී ඔවුන්ගෙන් රටට විශාල සහායක් ලබා ගත හැකිවන බවද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ බි්‍රගේඩියර් අතුල ආරියරත්න පැවැසීය.
දිවයිනේ බාලදක්‍ෂයන් සඳහා පළමු වතාවට පැවැත්වෙන මෙම වැඩසටහන මේ වනවිට ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපය විසින්ද පිළිගෙන ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon