ම්ලේච්ඡ තත්ත්වයේ තිබූ රටක් යහමඟට ගැනීම සම්බන්ධයෙන් අද ජාත්‍යන්තරයත් අපේ රට ආදර්ශයට අරන් - ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

  👤  3187 readers have read this article !
By mawbima 2018-09-11

හර්ෂනී අර්සකුලරත්න

පසුගිය රජය සමයේ සිදුවූ බොහෝ නීති විරෝධී ක්‍රියා පසුපස එම රජය සිටියද යහපාලන රජය නම් නීති විරෝධී ක්‍රියා පසුපස නැති බවත් පවතින රජය යටතේ නීතිය කාටත් සමාන යැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැති පාර්ලිමේන්තුවේ සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (09දා) අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

ඇමැතිවරයා එහිදී මෙසේද පැවැසීය.

"ශීලාචාර රටක් බිහි කරන අත්තිවාරම අද අපි දමා තිබෙනවා. අද මැති ඇමැතිවරුන්ට පවා නීතිය ඒකසේ ක්‍රියාත්මක කරනවා. යහපාලන රජය යටතේ අපේ රට අද අලුත් මාර්ගයක ගමන් කරමිනුයි තිබෙන්නේ. ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පැහැදීමකින් ඉන්නේ.

ම්ලේච්ඡ තත්ත්වයේ තිබූ රටක් යහ මඟට ගැනීම සම්බන්ධයෙන් අද ජාත්‍යන්තරයත් අපේ රට ආදර්ශයට අරන් තිබෙනවා.

සමහරු අද මල් වට්ටි අරන් පන්සල් යනවා. ගෙදර ගිහින් කරන්නේ මිනිස්සුන්ට පිස්තෝල දෙන එක.

නමුත් යහපාලන රජය බෞද්ධ ප්‍රතිපත්ති අනුව කටයුතු කරමින් ශීලාචාර රටක් බිහිකිරීමේ අරමුණිනුයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා බුදු දහමේ කියවෙන පරිදි ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ඇතුළු බුද්ධාගම පෝෂණය කිරීමේ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි.

මේ රජය එවැනි දෙයින් පිරිපුන් ආණ්ඩුවක් වීම ගැන මම ආඩම්බර වෙනවා. තුන් වසරක් තුළ සිදු කළ මේ වෙනස අනාගතයට රැගෙන ගියොත් බලාපොරොත්තු වන ආර්ථික සමෘද්ධිය අපට වගේම අපේ අනාගත දරු පරපුරටත් ලබා දීමට හැකි වේවි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon