පැමිණිල්ලට පොලිසිය තවම නිහඬයි

  👤  3402 readers have read this article !
By mawbima 2018-09-11

කේ.එස්. උදයකුමාර්

'ජන බලය කොළඹට' විරෝධතාව පැවැති අවස්ථාවේ කිසියම් පිරිසක් බෙදා දුන් කිරි පැකට් පානය කිරීමෙන් උද්ඝෝෂකයන් පිරිසක් අසනීප වී රෝහල් ගත වීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය මෙතෙක් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කළේය.

නඩු විභාගයක් සඳහා කොළඹ විශේෂ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේදී ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ අලුත්ගමගේ මන්ත්‍රිවරයා මෙම කිරි පැකට් බෙදා හැරීමේ සිද්ධියට අදාළ සියලු තොරතුරු ඒකාබද්ධ විපක්ෂය විසින් පොලිසිය වෙත සපයා දී ඇතැයි සඳහන් කළේය. මෙම කිරි පැකට් බෙදා හැරීම ලොතරැයි මණ්ඩලයට අයත් වාහනවලින් සිදුකර ඇති බවටත්, ඊට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳවත් තොරතුරු අනාවරණය කරගෙන ඒවා පොලිසිය වෙත ලබාදී ඇතැයි සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා එහෙත් පොලිසිය මේ දක්වා නිසි විමර්ශනයක් ආරම්භ කර නොමැති බවට චෝදනා කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අනුගමනය කරන නිද්‍රාශීලී පිළිවෙත තරයේ හෙළා දකින බවත් මෙම අපරාධ ක්‍රියාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකර ඊට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon