වැට් ආපසු ගෙවන්න කටුනායක විශේෂ කවුළුවක්

  👤  3157 readers have read this article !
By mawbima 2018-09-11

උපතිස්ස පෙරේරා

විදේශිකයන්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කවුළුවක් අද (11දා) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී විවෘත කෙරේ.

විදේශිකයන් මෙරටට පැමිණ ගත කරන කාලය තුළදී මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවන් වෙනුවෙන් අය කරන සියයට 15ක වැට් බද්ද ආපසු ගෙවීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය මත එම වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව විවෘත කෙරේ.

සංචාරක ප්‍රවර්ධනය සඳහා රජය ගෙන ඇති තීරණයක් අනුව මෙසේ ඔවුන්ගෙන් අය කරන වැට් බදු ආපසු ගෙවීමට පියවර ගැනේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon