පුත්තලමේ සභාපති කටුනායකදී හිරවෙයි

  👤  3166 readers have read this article !
By mawbima 2018-09-11

කටුනායක _ ගයා තිරිමාදුර

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා පෙරේදා (09දා) රාත්‍රි විදේශගත වීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් පොලිස් නිලධාරිවරයෙක් පැවැසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑම සඳහා එදින (09දා) රාත්‍රි 8.00ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. _ 306 දරන ගුවන් යානයට ගොඩවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙසේ ආගමන _ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම දිසා අධිකරණය හමුවේ පවරා ඇති එහිදී විභාග වන නඩුවක් නිසා සභාපතිවරයාට මෙසේ ගුවන් ගමන් තහනමක් පනවා තිබී ඇත. කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම සභාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, පුත්තලම අධිකරණය වෙත ගොස් මෙම ගැටලුව විස¼දා ගැනීම සඳහා යොමු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon