දැවි තෙල් මුහුදට මුසු වීම සමුද්‍රීය පරිසර අධිකාරියෙන් තෙල් පර්යන්ත සමාගමට නඩු

  👤  3139 readers have read this article !
By mawbima 2018-09-11

ඒකල _ ප්‍රසංග පාවුළුහේවා

මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයට දැවි තෙල් පොම්ප කිරීමේදී තෙල් නළයක් පුපුරා යෑම නිසා මුහුදට එක් වූ තෙල් හේතුවෙන් මුහුදට හා පරිසර පද්ධතියට සිදුව ඇති හානියට එරෙහිව සමුද්‍රීය පරිසර අධිකාරිය (ථඥනච) විසින් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව (ථඥනච) ආයතනයේ උසස් නිලධාරි මහතෙක් පවසා සිටියේය.

ඉකුත් 08දා උදෑසන 6.00ට පමණ වත්තල - දික්ඕවිට වෙරළේ සිට මුහුදු සැතපුම් පහක් පමණ අෑත මුහුදේ තෙල් නළය පුපුරා යෑම නිසා දැවි තෙල් ටොන් 25ක් පමණ මුහුදු ජලයට එක්වී තිබෙන බව (ථඥනච) ආයතනයේ එකී උසස් නිලධාරියා පැවැසීය.

මෙම දැවි තෙල් මුහුදේ සිට ගොඩබිම් වෙරළ තීරයට විශාල වශයෙන් පැමිණෙමින් තිබෙන අතර ඊයේ (10දා) වනවිට වෙරළට පැමිණි දැවි තෙල් බවුසර් 7ක් පමණ ඉවත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ දික්ඕවිට තෙල් විසුරුම් පාලන ඒකකයේ නිලධාරි මහතෙක් පවසා සිටියේය.

මෙම සමුද්‍ර පරිසර හානිය හේතුවෙන් මුහුදු ජීවීන්ට විශාල බලපෑමක් සිදු වී තිබෙන අතර ජලයට මුසු වී තිබෙන දැවි තෙල් ඉවත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි මෙහෙයුමට එක්ව සිටි නිලධාරි මහතෙක් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon