සමස්ත ලංකා පාසල් මාර්ග ධාවන තරගයේදී අඹගස්දෝව හා කුලියාපිටිය පාසල්වලින් වැඩි දස්කම්

  👤  3144 readers have read this article !
By mawbima 2018-09-11

විචිත්‍ර වීරසිංහ

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය නෙස්ටමෝල්ට් අනුග්‍රහය යටතේ සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා පාසල් මාර්ග ධාවන තරගය පසුගියදා කුලියාපිටියේදී අවසන් වූ අතර, කි.මී. 15 බාලක තරගයේ පළමු ස්ථානය අඹගස්දෝව ජනාධිපති විදුහලේ එරංග මධුසංකටත්, බාලිකා තරගයේ පළමු ස්ථානය කුලියාපිටිය මධ්‍ය විදුහලේ පාරමී වසන්තිටත් හිමිවිය. කි.මී. 15 බාලක තරගයේ දෙවැනි ස්ථානය අඹගස්දෝව ජනාධිපති විදුහලේම චමින්ද නුවන් කුමාරටත්, තෙවැනි ස්ථානය පයාගල බණ්ඩාරනායක මහ විදුහලේ කවිෂ්ක එරංගටත් හිමිවෙද්දී බාලිකා තරගයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් කුලියාපිටිය මධ්‍ය විදුහලේ එච්.එම්.බී.ඒ. හේරත්ටත් හා වැලිමඩ මහ විදුහලේ දිල්රුක්‍ෂි සමරකෝන්ට හිමිව තිබිණි. කෙසේ වෙතත් මෙයට අදාළව පැවැති කි.මී. 5 ආධුනික බාලක තරගයේ පළමු ස්ථානය අඹගස්‍ොදා්ව ජනාධිපති විදුහලේ කවීෂ ඉඳුවරටත්, දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් වෑකඩ මහ විදුහලේ ලක්මාල් සන්දීප හා එම විදුහලේම තිළිණ මධුෂාන් විසිනුත් දිනාගනු ලැබීය. තවද එම ආධුනික තරගයේ බාලිකා අංශයේ පළමු ස්ථානය ගාල්ල සිරිධම්ම විදුහලේ ලක්මිණී දුලාංජනී විසින් දිනාගනිද්දී දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් පයාගල බණ්ඩරනායක විදුහලේ ගිත්මී සංජනාට හා හැටන් දෙමළ විදුහලේ රිෂාන්තිනී ගවරවිලාට හිමිවූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon