12 වැනි දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවට අවාසනාව හරස් වෙයි

  👤  3195 readers have read this article !
By mawbima 2018-09-11

 

මේ දිනවල බංග්ලාදේශයේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව තරග දෙකකට සහභාගි වී එක් තරගයක් පරාජය වී (ඉන්දියාව හමුවේ ගෝල 2-0කින්) තීරණාත්මක මාලදිවයින සමඟ පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ හෙයින් අවසන් පූර්ව වටයට පිවිසීම අවිනිශ්චිත වී තිබිණි. මේ අතර මාලදිවයින කණ්ඩායමද තරග දෙකකට සහභාගි වී එක් තරගයක් පරාජය වී (ඉන්දියාව හමුවේ ගෝල 2-0කින්) දෙපිලම (ලංකාව හා මාලදිවයින) එක සමාන ලකුණු ප්‍රමාණයක් ලබා තිබූ හෙයින් කාසියේ වාසිය අනුව අවසන් පූර්ව වටයට යන කණ්ඩායම තීරණය කෙරිණි. එහිදී කාසියේ වාසිය ජයගත් මාලදිවයින කණ්ඩායම හෙට (12දා) සවස 3.30 (ශ්‍රී ලංකා වේලාවෙන්) නේපාලය සමඟින් පළමු අවසන් පූර්ව තරගයට මුහුණ දෙන අතර, ඉන්දියාව හා පාකිස්තානය එදිනම රාත්‍රි 7.00ට (ශ්‍රී ලංකා වේලාවෙන්) දෙවැනි අවසන් පූර්ව තරගයට මුහුණ දීමට නියමිතය. අවසන් තරගය 15දා රාත්‍රි 6.30 (ශ්‍රී ලංකා වේලාවෙන්) ඩකා නුවර බංගා බන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් 1993 වසරේදී පාකිස්තානයේදී ආරම්භ වූ දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ එවර ශූරතාව ඉන්දියාවට හිමි වූ අතර, අනුශූරතාව ශ්‍රී ලංකාව දිනාගැනීමට සමත් විය. 1995 වසරේදී පැවැති දෙවැනි ආසියානු පාපන්දු ශූරතා තරගාවලියෙදී් ශූරතාව
ශ්‍රී ලංකාව සතු විය. පසුගිය තරගාවලියේදී ශූරතාවද සමඟින් ඉන්දියාව සාෆ් තරගාවලි ඉතිහාසයේ වැඩි ගෞරව හිමිකරගෙන ඇති කණ්ඩායම බවට පත්ව ඇත්තේ ශූරතා 7කට හිමිකම් කියමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon