කළුතර පානීය ජලයට කරදිය මුසු වෙලා

  👤  2519 readers have read this article !
By mawbima 2018-09-12

පයාගල - සුජිත් මාරියෝ


කළුතර පානීය ජලයට කරදිය මුසු වීමේ ගැටලුවට විසඳුමක් ලෙස බවුසර 17කින් පානීය ජලය බෙදා හැරීමට කටයුතු යොදා ඇති බවත් එම ජලය පිරවීම සඳහා ප්ලාස්ටික් ජල ටැංකි 200ක් ස්ථානගත කර ඇති බවත් කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ඊයේ (11දා) උදේ කීය.


විශාල ප්‍රමාණයේ බවුසර 9ක් සහ ට්‍රැක්ටර් බවුසර 8ක් දැනට මේ සඳහා යොදාගෙන ඇති අතර අවශ්‍යතාව පරිදි අමතර ජල බවුසර පිටතින් ගෙන්වීමට කටයුතු කරන බවද දිසා ලේකම්වරයා කීය.


පානීය ජලයට කරදිය මුසුවීම නිසා කළුතර, බේරුවල, ‍ෙදාඩන්ගොඩ, මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල පාරිභෝගිකයෝ් 60,000ක් පමණ පීඩාවට පත්වී සිටිති. පිරිසුදු පානීය ජලය සැපයීම සම්බන්ධයෙන් ඊයේ (11දා) උදේ කළුතර දිසා ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවට ප්‍රාදේශීය ලේකම්වරුන්, අදාළ නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ආපදා කළමනාකරණ ඒකකය ඇතුළු ආයතන නියෝජනය කරන නිලධාරීහුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon