අභයරාජගම ජනතා අයිතියට

  👤  2519 readers have read this article !
By mawbima 2018-09-12

උපතිස්ස පෙරේරා


අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාතේ පහළගම ඉදිවූ "අභයරාජගම" උදාගම්මානය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. මෙය උදාගම් වැඩපිළිවෙළේ 98 වැනි ආදර්ශ ගම්මානය වෙයි.


නිවාස 23කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණ ලෙස ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 300කි. පිරිසුදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙය සමන්විත වෙයි.


අභයරාජගම ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව නිවාසලාභීන් 23 දෙනාට නිවාස හිමිකම් පත්‍ර සහිතව රුපියල් ලක්ෂ 69ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 23ක්ද ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 118ක විසිරි ණයද, ප්‍රතිලාභීන් 25කට රුපියල් ලක්ෂ 50ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, සින්නක්කර ඉඩම් ඔප්පු, ස්වයං රැකියා ණය, දෘශ්‍යාබාධ පුද්ගලයන් 250කට ඇස් කණ්ණාඩිද, නිවාසලාභීන්ට අඹ සහ පොල් පැළ ප්‍රදානයද ඇමැතිවරයා අතින් සිදු කෙරිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon