සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම බය නෑ

  👤  2579 readers have read this article !
By mawbima 2018-09-12

සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්න උත්සාහ කළ සියලු දෙනා අබිරහස් ලෙස මිය ගොස් තිබෙනවා. ඒත් මම බය නැතිව එය ක්‍රියාත්මක කරන්න කටයුතු කළා යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පැවැසීය.


ඔහු එසේ පැවැසුවේ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 41 වැනි ගුණ සැමරුම් උත්සවයට සහභාගි වෙමින්ය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම උත්සවය පෙරේදා (10දා) පැවැත්විණි. එහිදී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ සිටියදී සේනක බිබිලේ මැතිතුමා අපට ඔෟෂධවේදය පිළිබඳ ඉගැන්වූවා. එහිදී අපට දේශපාලනය ගැනත් කිව්වා. එදා ඇස්ප්‍රින් පෙත්ත ශත 2යි. සත 12ක් වූ ඩිස්ප්‍රින් පෙත්ත නැති කරනවා කිව්වා.' 1973 එම කියපු කතාව මට අදත් මතකයි. පෙත්තට සත 10ක් වැය කරන බව එතුමා පෙන්වා දුන්නා.
ඔෟෂධ ප්‍රතිපත්තිය හැදීමේදී කරුණු 3ක් බලාපොරොත්තු වුණා. මිල නියාමනය, ආනයනය හා බෙදා හැරීම රජය සතු කිරීම, මේ රටට අවශ්‍ය ඔෟෂධ මේ රටේ ක්‍රියාත්මක කිරීම එම කරුණු තුනයි. එතුමාට කළ හැකි වූයේ දෙවැනි කරුණ ඉටු කිරීමට පමණයි.


එතුමාට විශාල බලපෑම් ආවා. මහාචාර්ය බිබිලේ යුග පුරුෂයෙක් කියල හැම සෞඛ්‍ය ඇමැතිවරයෙක්ම කිව්වා. අවුරුදු 45ක් මේ ප්‍රතිපත්තිය ගැන කතා කළා. තවත් වසර 10ක් කතා කර කර හිටියා නම් අපේ දරුවන්ගේ දරුවන් සේනක බිබිලේ කියන්නෙ කවුද දන්නෙ නැති තත්ත්වයට පත් වෙනවා


සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. එම ඔෟෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්න උත්සාහ කළ හැමෝම අකාලයේ මිය ගිය බවට මට අවවාද ලැබුණා. මේක ගේන්න හදන විට යුරෝපා රටවල තානාපතිවරු අගමැති හමුවෙලා තිබුණා.


සමහර ඔෟෂධ සමාගම් ආනයන නැවැත්වූවා. මහාචාර්ය බිබිලේටත් එහෙම කරල තිබුණා.


මිල අඩු කිරීම ගැන සමීක්ෂණයක් කළා. ඔෟෂධ වෙළෙ¼දාම 6 ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව හෙළි වුණා. ඒ වගේම ගුණාත්මක ඔෟෂධ භාවිතය ඉහළ ගියා. පැනඩෝල් පෙති මිලියන 27 සිට මිලියන 57 දක්වා භාවිතය ඉහළ ගොස් තිබෙනවා. 2017 වසරට පමණක් රුපියල් බිලියන 4.4ක් ඔෟෂධ භාවිත කරන අයට වාසියක් සිදු වෙලා.
කොතරම් බාධක මැද්දේ වුවත් ඔෟෂධ මිල අඩු කිරීමෙන් විශාල විදේශ විනිමයකුත් අපේ රටට ඉතුරු වී තිබෙනවා. 2017 වසරේ ඉතිරි වූ මුදල රුපියල් බිලියන 9ක් තරම් ඉහළ අගයක් ගන්නවා.


ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ වෛද්‍ය භවන්ත ලියනගේ මහතා
එතුමාගේ ප්‍රතිපත්ති ඇමෙරිකාව ඇතුළු දියුණු රටවල් පවා අනුගමනය කරනවා.


1986දී ඔෟෂධ නිෂ්පාදන අංශයක් ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඇති වුණේ එතුමාගේ බලාපොරොත්තුවක් ඉටුවීමක් ලෙස සැලකිය හැකියි.
ප්‍රමිතියෙන් වැඩි ඔෟෂධ නිෂ්පාදන සඳහා වැඩි මිලක් යනවා. ප්‍රමිතියෙන් අඩු ඔෟෂධ දුන්නොත් රෝගියාගේ තත්ත්වය වඩා සංකීර්ණ විය හැකියි. මෙය ලෝකයේ බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙලා.


බාල ඔෟෂධ පාවිච්චිය නොකළ යුතුයි කියලා සේනක බිබිලේ අපට පෙන්වා දුන්නා. ඔෟෂධ මිල පාලනයන් සැලකිල්ලෙන් කළ යුතුයි. ඔෟෂධ නිෂ්පාදන කරන ආයතන ඒවා ගෙන ඒම නතර කරන්න පුළුවන්. ඒ වගේම අඩු ප්‍රමිතියෙන් යුතු ඔෟෂධ දෙන්නත් පුළුවන්.


අප අද මුහුණ දෙන ගැටලු සේනක බිබිලේ මහතා වසර 47කට පෙර දැක්කා. ඔෟෂධවල ප්‍රමිතිය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඒත් තුන්වැනි ලෝකයේ රටක් ලෙස එම ඔෟෂධවල ප්‍රමිතිය අපට පරීක්ෂා කරන්න බැහැ.


ඇමෙරිකාව තුළ ලියාපදිංචි ඔෟෂධ ඉතා අඩු වුවත් ලංකාවේ විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙනවා. අපේ රටේම ඔෟෂධ වැඩියෙන් ආනයනය කරන නිසා එසේ ලියාපදිංචිය වැඩි වී තිබෙනවා.


අපිට ඔෟෂධවලින් 75%ක් පමණ ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ගෙන්වනවා. අපේ ඉලක්කය විය යුත්තේ අපට අවශ්‍ය ඔෟෂධ බොහොමයක් නිෂ්පාදනය කිරීමයි.
එංගලන්තයේ වෛද්‍යවරුන්ට දැනුම දියුණු කර ගැනීමට වසරකට පවුම් 2000ක් ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ඒක සිදුවන්නේ නැහැ. වෛද්‍යවරුන් ඔෟෂධ සමාගම්වල අතකො වීම වැළැක්වීමට එය ප්‍රයෝජනවත් වෙනවා.


රට තුළ නිෂ්පාදන වැඩි කර ගත්තොත් තත්ත්වය දියුණු කර ගත හැකියි. ලියාපදිංචි ඔෟෂධ සංඛ්‍යාව අඩු කර ගැනීමටත් එය හේතුවක් වෙනවා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon