මේ ආණ්ඩුවේ තෙල් මිල සූත්‍රය අපේ කාලේ තිබුණා නම් කපෝතියි

  👤  2783 readers have read this article !
By mawbima 2018-09-12

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මෙන් ලෝක ඛනිජ තෙල් මිල ඉහළ ගියේ නම් වත්මන් ආණ්ඩුවේ ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඛනිජ තෙල් සඳහා දරාගත නොහැකි මිලක් ජනතාවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.


ඛනිජ තෙල් මිල මෙලෙස ඉහළ යෑමට එක් හේතුවක් වන්නේ ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් රුපියල මස්තබාල්දු වීම බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.


ඊයේ (11දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.


දැවැන්ත මූල්‍ය අර්බුදයක් රට තුළ නිර්මාණය වීම කරණ කොටගෙන නැවත වතාවක් ඛනිජ තෙල් මිල ඉහළ දමනු ලැබුවා. පසුගිය කාලයේ කරපු බොරුව ජනතාවට කරන්න ආණ්ඩුවට දැන් බැහැ. පසුගිය වතාවේ මේ මිල සූත්‍රයට අනුව මුදල් අමාත්‍යාංශය සම්පූර්ණ අසත්‍ය සංඛ්‍යා දත්ත සහිතව මාධ්‍යවල පිටු ගණන් දැන්වීම් පළ කළා. එයට විරුද්ධව මම ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා. මහජනයාගේ බදු මුදල් භාවිත කර මේ තමන්ට පාලනය කළ නොහැකි මූල්‍ය අර්බුදය යටතේ මහින්ද රාජපක්ෂ රජයට මඩ ගසමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, අසත්‍ය නිවේදන ජනතාව අතර පැතිරවීම වළක්වන ලෙසට. තවමත් එම නඩුව විභාගයට ගත්තේ නැහැ.


ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇ.ඩො. 107 දක්වා වැඩිවීමෙන් මුළු ලෝකයම තෙලෙන් බැදුණා. මේ ඛනිජ තෙල් අර්බුදය සම්පූර්ණයෙන්ම පහව ගිහිල්ලා. ලෝක ඛනිජ තෙල් ඉතිහාසයේ නොවූ විරූ පරිද්දෙන් ලෝක ඛනිජ තෙල් මිල කඩා වැටුණා. එය අසාමාන්‍ය වාසියක්. මහින්ද රාජපක්ෂ යුගයේදී බොරතෙල් බැරලයක මිල 2012,2013,2014 කියන වර්ෂ 3ම බැරලයක මිල ඇ.ඩො. 100ට වැඩියි.


ඉන්පසු ලෝක ඛනිජ තෙල් මිල අඩු වෙන්න පටන් ගත්තා. එම නිසා ශ්‍රී ලංකාවට 2012 ඛනිජ තෙල් ආනයනය කිරීමට වැය වූ මුදල ඇ.ඩො.බි. 5ට වැඩියි. අපිට එදා වසරකට තෙල් ගෙන්වන්න ගිය මුදල 2016 වන විට අඩු වෙලා තිබෙනවා බිලියන 2.4ට.


එකට එකක් තෙල් ගෙන්වන්න වැය වූ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් රට ඇතුළේ ඉතුරු වෙලා තිබෙනවා. මේ ඇති වුණ වාසියෙන් ජනතාවට සහනයක් දෙන්න පුළුවන් වුණෙත් නැහැ. සංචිත වැඩිකර ගත්තෙත් නැහැ. ණය කර අඩු කරගත්තෙත් නැහැ. රුපියල ආරක්ෂා කරගන්නවා වෙනුවට ඉතුරු වුණ මුදල් ප්‍රමාණය වෙළෙඳපොළට නිකුත් කරලා ඩොලර් පිච්චීමේ කාර්ය තමයි කළේ. ඒ මුදල් කිසිම ප්‍රයෝජනයකට නැතිව වාෂ්ප කළා. ඒ තමයි වැඩ බැරි ආණ්ඩුවේ අකාර්යක්ෂම සර්ව ආර්ථික මූල්‍ය කළමනාකරණයේ ප්‍රතිඵලය.
මහින්ද රාජපක්ෂ යුගයේ 2005දී බොරතෙල් බැරලයක් ඩොලර් 52ට තිබෙන විට පෙට්රල් ලීටරයක් අලෙවි කළේ රු. 80ට. 2015දී මෙම මිල අඩුවීම නිසා තෙල් බැරලයක් ඩොලර් 54යි. පෙට්රල් ලීටරයක් රු. 117ට අලෙවි කරන්නේ. ඩොලර් 54ට වැඩිය තෙල් බැරලයක් වැඩි බව අපි පිළිගන්නවා.


අද ඩොලර් 80ට බැරලයක් තිබෙන විට පෙට්රල් ලීටරයක් 149යි. එහෙම නම් මහින්ද රාජපක්ෂ යුගයේදී ජනතාවට පාඩු විඳගෙන නියමිත කළමනාකරණයක් තුළින් සහන මිලට තෙල් සපයපු බව ඔප්පු වෙනවා. එපමණක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රමාණයට තෙල් මිල ඉහළ ගියොත් මේ රටේ ජනතාවට මේ මිල සූත්‍රය අනුව දරාගත නොහැකි ඛනිජ තෙල් මිලක් ගෙවන්න සිදු වෙනවා. මෙයට එක් ප්‍රධාන හේතුවක් බවට පත්වන්නේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් රුපියල මස්ත බාල්දුවීමයි. එවිට සිදුවන්නේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑමට වඩා ඛනිජ තෙල් ආනයනය කරන විට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වීමයි.


පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි


අගමැතිවරයා වියට්නාමයට යද්දී කියනවා ආර්ථිකය 15%කින් වර්ධනය වෙලා තිබෙන බව. අගමැතිවරයා දන්නේ නැහැ ආර්ථිකය වර්ධනය වීමයි, පහළ බැසීමයි අතර තිබෙන වෙනස. රටේ ජාතික ආර්ථිකයේ වර්ධන වේගය මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේ 6%යි. එය දැන් 3%ටත් අඩුයි. ආර්ථිකය කඩා වැටිලා. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටිලා. හැම දෙයක්ම පහළ යනවා.
ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon