පියෙක් දරු දෙදෙනා සමඟ මඩකළපුව රාත්‍රි තැපැල් දුම්රියට පැන දිවි හානි කරගනී

  👤  2566 readers have read this article !
By mawbima 2018-09-12

පොළොන්නරුවේ - බණ්ඩාර මුදියන්සේ , හිඟුරක්ගොඩ - ප්‍රියා, මනම්පිටිය - නිමල් ජයරත්න


මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට පෙරේදා (10දා) රාත්‍රි 7.40ට පමණ සෙවණපිටිය, බෝ අත්ත ප්‍රදේශයේදී දරු දෙදෙනාද සමඟ පියකු දුම්රියට පැන දිවි හානි කරගෙන ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.


මෙසේ දුම්රියට පැන ඇත්තේ වැලිකන්ද, සෙවණපිටිය, බෝ අත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක පියකු හා වයස අවුරුදු 12ක් හා අවුරුදු 5ක් වයසැති පුතුන් දෙදෙනෙකි. මොවුන්ගේ අනන්‍යතාව තවමත් තහවුරු කරගැනීමට නොහැකි වූ බවද පොලිසිය කියයි.


පොලිසිය පවසන අන්දමට දිවි තොර කරගත් සැමියා පෙරේදා (10දා) දහවල් වැලිකන්ද පොලිසියේ කාන්තා කාර්යාංශයට පැමිණ සිය බිරිය ගෙන්වා දෙන ලෙස පැමිණිලි කර ඇත. කොළඹ ප්‍රදේශයේ වැඩිමහල් දියණියද සමඟ වෙනම ජීවත් වන බිරියට කාන්තා කාර්යාංශයෙන් දැනුම් දී තිබුණේ කුඩා දරුවන් සිටින නිසා වහාම දරුවන් වෙත පැමිණෙන ලෙසත් නැති වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. ඊට ඇහුම්කන් නොදුන් බිරිය ලබන මාසයේ නිවාඩු දුන් පසු පැමිණෙන බව පවසා දුරකථනය විසන්ධි කර ඇත.


මෙම සිද්ධියෙන් පසු නිවෙසට ගිය සැමියා රාත්‍රි 7.40ට පමණ මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට පුතුන් දෙදෙනාද සමඟ පැන ඇත. දුම්රිය රියැදුරා පොලිසියට පවසා ඇත්තේ කැලේ සැඟව සිට එක පාරටම දරුවන් දෙදෙනකු බදාගෙනම මනුස්සයකු දුම්රියට පැන්න බවත් කුඩා දරුවා වීසි වී වැටෙනු දුටු බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති පො.ප. ලසන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon