ලෝකයේ රටවල් 144ක් අතුරින් ශ්‍රී ලංකාවට 73 වැනි ස්ථානය

  👤  2712 readers have read this article !
By mawbima 2018-09-12

ලක්ෂ්මී ජයකොඩි


2017දී අන්ක්ටාඩ් සංවිධානය විසින් නිකුත් කරන ලද ව්‍යාපාර පාරිභෝගික කටයුතු ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය දර්ශකයට අනුව ශ්‍රී ලංකාව විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනු කිරීමෙන් ලෝකයේ රටවල් 144ක් අතුරින් 73 වැනි ස්ථානයේ පසුවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.


අමාත්‍යවරයා මේ බව පැවැසුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති විද්‍යුත් වාණිජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ මාර්ග සිතියමක් නිර්මාණය කිරීමේ ජාතික පොදු පෞද්ගලික කතිකාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.


මෙම ජාතික පොදු - පෞද්ගලික කතිකාව සංවිධානය කරනු ලැබුවේ ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රයේ හා යුරෝපීය කොමිසමේ අනුග්‍රහය ඇතිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසිනි.
මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වැඩි කිරීම තුළින් කලාපීය හා යුරෝපියානු වෙළෙඳපොළ සඳහා ඩිජිටල් තාක්ෂණික පහසුකම් තුළින් විද්‍යුත් වාණිජ්‍ය ව්‍යාපාරික මෙහෙයුමක්, ආචාර ධර්මානුකූලව හා සාධාරණ ලෙස ඇති කර ගැනීමට මාර්ගෝපදේශන සකස් කිරීමය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.


ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ දෙවැනි ජාතික පොදු පෞද්ගලික මාර්ග සිතියමක් (අධචඤ ර්චන) සඳහා වූ කතිකාවතට සම්බන්ධ වීමට ලැබීම ගැන මට ඉතා සතුටුයි. එය අන්තර්ජාතික වෙළෙඳ කේන්ද්‍රය (ධ්දබඥපදචබඪධදචත ඊපචඤඥ ඛ්ඥදබඥප) සමඟ එක්ව සිදු කරනවා. යුරෝපා සංගමය _ ශ්‍රී ලංකාව (ඡ්භ _ ඉපඪ ඹ්චදඬච) වෙළෙ¼දාම සම්බන්ධ ආධාර ව්‍යාපෘතිය සඳහා මගේ අමාත්‍යාංශය වන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට දිගින් දිගටම දෙන සහයෝගය සම්බන්ධයෙන් මම ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමට මගේ කෘතඥතාව පළ කරනවා. ඒ වගේම මෙම විද්‍යුත් වාණිජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ ජාතික පොදු පෞද්ගලික මාර්ග සිතියම සඳහා වූ කතිකාවත සංවිධානය කිරීම සහ එයට නායකත්වය දීම සම්බන්ධයෙන් අන්තර්ජාතික වෙළෙඳ කේන්ද්‍රය ලබාදෙන සහාය හා කැපවීම අපි අගය කරනවා.


ශ්‍රී ලංකාවේ රජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංවර්ධන දැක්ම හා උදවු උපකාර ඇතිව ශ්‍රී ලංකාව, ආසියාවේ ඉහළ තාක්ෂණික ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් (ඩ්ඪඨඩ ඊඥජඩ ච්ඪඨඪබචත ඩ්භඡ) බවට පත් කිරීම අරමුණ වී තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශවලට අනුව රජය වැඩ කළ යුත්තේ විනිවිද පෙනෙන සහ ඵලදායී සංවර්ධනය ඔස්සේ පාරිභෝගික විශ්වාසය විද්‍යුත් වාණිජ්‍යයට ලබා ගැනීම සඳහායි. ඒ සඳහා පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්ති 2003දී පාරිභෝගික කටයුතු අධිකාරිය (ඛ්ඒඒ) හඳුන්වා දී තියෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය මෙම වර්ෂයේ මාර්තු 15 වැනි දින මෙහි සාර්ථක පළමු අදියර සංවිධානය කර තිබුණා. ඒ අන්තර්ජාතික පාරිභෝගික අයිතීන් දින සැමරුම් උළෙලට (ධ්දබඥපදචබඪධදචත ඛ්ධදඵභථඥප අඪඨඩබ ච්චර ඛ්ඥතඥඡපචබඪධදඵ) සමගාමීවයි.


මෙම දෙවැනි කතිකාවතෙහි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (ඛ්ඒඒ), සියලුම පාර්ශ්වකරුවන් සමඟ මෙම තේමාවන් යටතේ ඇති වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිමය රාමු, දුර්වල අවස්ථා සහ විශේෂිත විධිවිධාන හඳුනා ගැනීමට කටයුතු කරනවා. එම නිසා මීට පසු ජාතික නීති යාවත්කාලීන කිරීම සඳහා වූ ව්‍යවස්ථාදායක යෝජනා සකස් කිරීම කළ යුතුයි. අපි විද්‍යුත් වාණිජ්‍ය වෙළෙඳපොළක් සඳහා සුදුසු වන නවීන පාරිභෝගික ආරක්ෂණ රාමුවක් පිහිටුවීම සැලසුම් කරමින් තිබෙනවා. එමෙන්ම අන්තර්ජාලයට ප්‍රවේශ වීම වැඩි කිරීම, නීතිමය සහ වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම වගේම පාරිභෝගිකයන් හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (ඉර්ඡ්) අතර විශ්වාසය ඉහළ නැංවීම මඟින් ශ්‍රී ලාංකික ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීමට ධෛර්යවත් කරනවා.


2017දී ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය මඟින් කළ ගනුදෙනුවල අගය ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන දෙකකට වඩා වැඩි බව ගණන් බලා තිබෙනවා. නැඟෙනහිර, දකුණු හා ගිනිකොනදිග ආසියාවේ ඉහළ විද්‍යුත් වාණිජ්‍ය මඟින් ගනුදෙනු කරන හා සංවර්ධනය වන රටවල් අතර ශේ‍ර්ණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පළමු පෙළේ රටවල් දහය අතර ඉන්නවා. අපි සතුව විද්‍යුත් වාණිජ්‍ය මඟින් අන්තර්ජාලය භාවිත කර ගනුදෙනු කිරීම මෙන්ම විදේශයන්ගෙන් පවා භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳ ඉහළ පාරිභෝගික විභවයක් තිබෙනවා. මෙම ශේ‍ර්ණිගත කිරීම සිදු කර තිබෙන්නේ 2017 උව්ඛ්ඊඒච්, ව්‍යාපාර _ පාරිභෝගික, විද්‍යුත් වාණිජ්‍ය දර්ශක වාර්තාවට අනුවයි. (2017 උව්ඛ්ඊඒච්, ඕභඵඪදඥඵඵ බධ ඛ්ධදඵභථඥප ඡ් _ ඛ්ධථථඥපජඥතදඤඥය අඥනධපබ) ඒ අනුව ශ්‍රී ලංකාව රටවල් 144ක් අතුරෙන් මෙම ශේ‍ර්ණිගත කිරීමේ 73 වැනි ස්ථානයේ පසුවෙනවා.


ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගැනීමට පෙර, මිලදී ගැනීම හා මිලදී ගැනීමෙන් පසු යන අදියරවලදී ආරක්ෂා කළ යුතුයි. මෙයට හොඳ අන්තර්ජාල යටිතල පහසුකම්, විද්‍යුත් වාණිජ්‍යය සඳහා ඇති කිරීම, විද්‍යුත් වාණිජ්‍ය පරිභෝජනය සඳහා වර්තමාන නීතිමය රාමුව යාවත්කාලීන කිරීම, පාරිභෝගික දත්ත අවභාවිත කිරීමෙන් වැළැක්වීම, පාරිභෝගිකයා සඳහා අධ්‍යාපනය දීම හා ගැළපෙන නීති සම්පාදනය කිරීම අවශ්‍ය වෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සියලුම ප්‍රධාන පාර්ශ්වකරුවන් එනම් වෙළෙඳ, විදුලි සන්දේශ හා කර්මාන්ත එකට එකතු කර මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා එකට එක් කිරීමට සැලසුම් කරනවා. අද දින පවත්වන මෙම කතිකාවතට ඉහත කී සියලු පාර්ශ්වකරුවන් පැමිණ සිටීම සතුටට කරුණක්. රාජ්‍ය ආයතන, සිවිල් සමාජ සංවිධාන, පාරිභෝගිකයන්, ව්‍යවසායකයන් සහ තාක්ෂණික විශේෂඥයන් මෙම පාර්ශ්වකරුවන් වෙනවා. අද දින දියත් කිරීමට යෝජිත දෙවැනි කතිකාවතෙහි මූලික පියවර ලෙසට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙනුවෙන් ආරක්ෂිත විද්‍යුත් වාණිජ්‍යයක් සහ ශ්‍රී ලංකාව ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය ද්වාර, අරමුණු හා ඔන්ලයින් ඔස්සේ දේශීය හා විදේශීය වශයෙන් ගනුදෙනු කරන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා මා සුබ ප්‍රාර්ථනා කරනවා යැයි පැවැසීය.


මෙම අවස්ථාවට විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ, යුරෝපීය කොමිසමේ දූත පිරිසේ ප්‍රධානී ප්‍රෑන්ක් හෙස් (ජ්පචදඬ ඩ්ඥඵඵ) ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රයේ ආරාධිත විද්‍යුත් වාණිජ්‍ය විශේෂඥ මහාචාර්ය මයිකල් ගීෂ්ට් (ර්ඪජඩඥචත ට්ඥඪඵබ), ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රයේ ධ්ඊඛ් හා වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක ගිලිස් චැපල් (ට්ඪතඥඵ ඛ්ඩචනනඥත) යන මහත්වරු සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon