අනාරක්‍ෂිත කානුවකට වැටී සිවු හැවිරිදි දරුවකු මියයයි

  👤  2565 readers have read this article !
By mawbima 2018-09-12

අම්පාර - ධනුෂ්කා දිල්හානි


අනාරක්‍ෂිත කානුවකට වැටී වයස අවුරුදු හතරක දරුවකු මිය යෑමේ පුවතක් අම්පාර බක්කිඇල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.


දරුවා නිවෙසේ නැති බව දැනගත් මවුපියන් අවට දරුවා සොයා බලා ඇති අතර පසුව මෙම වළට වැටී ඇද්දැයි සොයා බැලීමේදී දියේ ගිලී සිටි දරුවා හමුවී ඇත. පසුව ගොනාගොල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට යවා ඇතත් ඒ වනවිටත් දරුවා මියගොස් සිට ඇත.


මෙම ඉදිකිරීම් කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි. දින කිහිපයකට පමණ පෙර මෙම වළ කපා ඇති ඇතත් එය වටේට ආරක්‍ෂිත පුරවරුවක් හෝ වැටක් ඉදිකර නොතිබුණු නිසා මෙම අනතුර සිදුව ඇති බව ගම්වැසියෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට චෝදනා කරති.


මෙම අනතුරින් මියගොස් ඇත්තේ මනුහස් සංකල්ප ඒකනායක නමැති සිවු හැවිරිදි දරුවෙකි. මෙම අනතුර පිළිබඳව බක්කිඇල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon