දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඉන්දීය රජයට ඉදිරිපත් කරන බව ඩග්ලස් දේවානන්දා පවසයි

  👤  2556 readers have read this article !
By mawbima 2018-09-12

ලක්ෂ්මී ජයකොඩි


දෙමළ ජනතාවගේ ඉල්ලීම් බොහොමයක් ඉන්දීය රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඊපීඩීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
කථානායකවරයා සමඟ දූත කණ්ඩායමක් පසුගියදා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අතර එම සංචාරයට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළේය.


යුද්ධය අවසන් වී 2010 වසරේදී මම ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. එහිදී ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං එවක ඉන්දීය මුදල් ඇමැති පී. සිදම්බරම් යන මහත්වරු හමුවේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉදිරිපත් කළා.


ඒ අනුව නිවාස 50,000 ව්‍යාපෘතිය, උතුරට සංස්කෘතික මධ්‍යස්ථානයක්, දකුණේ සිට උතුරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම, යාල්දේවි දුම්රිය ධාවනය, අච්චුවේලි හස්ත කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම, නාවක්කුලි තල්


පර්යේෂණ මධ්‍යස්ථානය ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළා. ඒවා අද ඉටුවෙලා තිබෙනවා.


මෙවරත් අප ජනතාවගේ ආර්ථික ගැටලු ඇතුළු වෙනත් ගැටලු රැසක් විස¼දා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජය හා සාකච්ඡා කිරීමට මම අපේක්ෂා කරනවා.


මෙවර සංචාරයේදී ජාතික ගැටලුවට විසඳුමක් ලබාගැනීමේ අවශ්‍යතාව අප ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම හා ජනතාව මුහුණදෙනු ලබන එදිනෙදා ගැටලුවලට විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවත් ඉන්දියාවේ සරණාගතව සිටින ලාංකේය දෙමළ වැසියන් මෙරටට ගෙන්වා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් මම අපේක්ෂා කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon