එදා ඒකාබද්ධ විපක්‍ෂය කළ හෙළිදරව්ව අද සත්‍යයක් වෙලා

  👤  2571 readers have read this article !
By mawbima 2018-09-12

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජුල


යුද හමුදාවේ බළඇණි 33ක් ඉවත් කරගෙන ඇති බව හිටපු යුද හමුදාපති අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන බවත් ඒ අනුව යුද හමුදාවේ බළඇණි 33ක් ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන බවට ඒකාබද්ධ විපක්‍ෂය විසින් කරනු ලැබූ හෙළිදරව්ව සත්‍ය බව යළි අවධාරණය වන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා 'මව්බිම' ට ප්‍රකාශ කළේය.


බෙදුම්වාදී බලවේගවල වුවමනාවට අනුව රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය වන අන්දමින් හමුදා බළඇණි 33ක් ඉවත් කිරීමට තීරණ කර තිබෙන බවට තමා මීට පෙර හෙළිදරව් කළ අවස්ථාවේදී ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළ බව පෙන්වාදෙන පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයා එසේ යුද හමුදා බළඇණි යුද හමුදාපතිවරයා විසින් ඉවත් කර ගනු ලැබ තිබෙන බව ප්‍රසිද්ධියේම පිළිගෙන තිබෙන බවයි.


මෙසේ හමුදා බළඇණි ඉවත් කර ගැනීම රටේ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් බවත් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබෙන බව ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.
හමුදා බළඇණි මේ ආකාරයෙන් ඉවත් කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව තමා එදා මුලින්ම රටට හෙළි කළ බවත් ඒ අනුව ආණ්ඩුවේම කැබිනට් අමාත්‍යවරයකුද එය පිළිගෙන තිබෙන නිසා හමුදා බළඇණි ඉවත් කරගැනීම සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව රටට වහාම ප්‍රකාශයක් කළ යුතු බවද වැඩිදුරටත් ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon