‘එන්න අපේ පක්ෂයට’ උතුරේ මහ ඇමැති විග්නේශ්වරන්ට ලංකා සම සමාජ පක්ෂයෙන් ආරාධනයක්

  👤  2516 readers have read this article !
By mawbima 2018-09-12

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය


උතුරු පළාත් මහ ඇමැතිවරයා සහ විපක්ෂ නායකවරයා හට තම


පක්ෂයට එක්වන්නැයි ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ආරාධනයක් කරයි.
උතුරේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා සහ විපක්ෂ නායක තවරාසා යන මහත්වරුන් මේ දිනවල කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ගත් කල එම ප්‍රකාශවල ගැබ්ව ඇත්තේ තරමක කලකිරීම් ස්වභාවයක් බව තමන්ට හැඟෙනවා යැයිද මහාචාර්යවරයා ප්‍රකාශ කෙළේය.


උක්ත කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙසේද පවසයි.
'ලංකා සමසමාජ පක්ෂය


කියන්නේ කුලභේද නැති පක්ෂයක්. විග්නේශ්වරන් මහත්තයට ප්‍රශ්නයක් තිබෙනවා. එන්න අපේ


පක්ෂයට කියලා අපි ආරාධනා කරනවා. අපිට පේන්නේ ඒ මහත්වරුන් කිසියම් කලකිරීමක සිටිනවා කියලායි'


'ආචාර්ය එන්. එම්. පෙරේරා පිළිරුව අබියස එජාප සංවත්සරය වෙනුවෙන් පෝස්ටර් ප්‍රදර්ශනය කරලා. ඒ පිළිරුවට අපහාස වන ආකාරයෙන් කටයුතු කරන්නට කාටවත් බැහැ. අපි මේ සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනියගෙන් අහන්නේ, කොහොමද මෙවැනි දේවල් කරන්නේ කියලා.'


මේකද යහපාලනය කියන්නේ. අපි මේවා හෙළා දකිනවා ඒ මහතා මෙසේ පැවැසුවේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon