යුද අපරාධ ගැන කීමට මහාචාර්ය චන්න ජයසුමන ජිනීවා මානව හිමිකම් සමුළුවට

  👤  2550 readers have read this article !
By mawbima 2018-09-12

නාච්චාදුව - කිත්සිරි වනසිංහ


මෙවර ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා 13 දා ජිනීවා බලා පිටත්ව යෑමට නියමිතය. මහාචාර්යවරයා සමඟ විශ්‍රාමික මේජර් ජෙනරාල් සරත් වීරසේකර මහතාද සමුළුවට සහභාගි වීමට නියමිතව ඇත.


විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනාවක් මත මානව හිමිකම් සමුළුවට මොවුන් සහභාගි වන අතර එහිදී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රධන සමුළුවට හා අතුරු කමිටුවලට කරුණු ඉදිරිපත් කරන බවද මහාචාර්යවරයා පැවැසීය. ත්‍රස්තවාදීන් සිදුකළ යුද අපරාධ පිළිබඳව කරුණු දැක්වීමේදී ත්‍රස්තවාදීන් සිදුකළ අමානුෂික අපරාධ පිළිබඳ සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා හමුදාව මානුෂීය මෙහෙයුමේදී දෙමළ වැසියන් බේරාගත් ආකාරය පිළිබඳවද සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය. එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්වෙන බව හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon