මානව හිමිකම් සංවිධානයේ 39වැනි සැසිවාරය ජිනීවා නුවරදී

  👤  2683 readers have read this article !
By mawbima 2018-09-12

චාමිණී ගම්මන්පිල


ජගත් මානව හිමිකම් සංවිධානයේ 39 වැනි සැසිවාරය මේ දිනවලදී ජිනීවා නුවරදී පැවැත්වේ. එය සැප්තැම්බර් 27දා තෙක් පැවැත්වේ. මෙම සැසිවාරයේදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රධාන තේමාව වනුයේ මානව හිමිකම් කවුන්සිලය විසින් සකස් කරන ලද පක්ෂග්‍රාහී ර්ණීධ්ඉඹ් වාර්තාවට එරෙහිව නැඟී සිටීමය.


ඒ අනුව 13දා (හෙට) සහ 26දා දෙදින සමාන්තර රැස්වීම් දෙකක් පැවැත්වේ. 13දා පැවැත්වෙන රැස්වීම සඳහා ලන්ඩන් නුවරින් ජයරාජ් පලිහවඩන, එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයෙන් අජන්ත ප්‍රේමරත්න හා අයර්ලන්තය නියෝජනය කරමින් සුමින්ද රණතුංග යන අය සහභාගි වෙති.


මෙයට සමගාමීව සැප්තැම්බර් 25දා හා 26දා දිනවල ජිනීවා නුවරදී මහජන ප්‍රදර්ශනයක් ද පැවැත්වේ. එහි තේමාව වනුයේ 'ශ්‍රී ලංකාව තුළ කිසිදු ජන සංහාරයක් හෝ කිසිදු යුද අපරාධයක් සිදු නොවූ නමුත් සාමය ස්ථාපිත වූ බවයි.'


තවද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශයට පත් කිරීම සඳහා ගෝලීය ශ්‍රී ලංකා සංසදය යුද අපරාධ විස්තර ඇතුළත් පොත් දෙකක් ප්‍රකාශයට පත් කිරීමටද කටයුතු යොදා ඇත. එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන් ගණනාවක් අල්ලා ගැනීම, වධ බන්ධන හා මරා දැමීම මඟින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ යුද අපරාධ හෙළිදරව් කිරීමයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon