සුමන්තිරන් වැරැදි කතා කියමින් වෙන මඟක යන්න හදනවා

  👤  2504 readers have read this article !
By mawbima 2018-09-12

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා වැරැදි අදහස් දරමින් ඔහු වෙනත් මඟක යන්නට මේ දිනවල උත්සාහ කරන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙයිකලනාදන් පවසයි.


අඩෙයිකලනාදන් මන්ත්‍රිවරයා පසුගියදා කොළඹදී මෙසේ පවසා සිටියේ ඉන්දීය මාධ්‍ය ආයතනයක් මන්ත්‍රිවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය.


සුමන්තිරන් මන්ත්‍රිවරයා දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂාවන් බලාපොරොත්තු හා අරමුණු වෙනස් ආකාරයකට අර්ථ දක්වා තිබෙනවා. විශේෂයෙන්ම උතුරු හා නැඟෙනහිර පළාත් වලට සුමන්තිරන් මන්ත්‍රිවරයා කියන පෙඩරල් ක්‍රමය දෙමළ ජාතික සන්ධානයේ අදහසක් නෙවෙයි.


සුමන්තිරන් මන්ත්‍රිවරයා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයා වුණත් ඔහු මේ සතියේදී අවස්ථා කීපයකදී දෙමළ ජාතික සන්ධානයේ අදහස් හා තීරණ වශයෙන් මාධ්‍යයට පවසා ඇති දේ සම්බන්ධයෙන් සලකා බලන විට විශාල පරස්පරභාවයක් පවතිනවා. දෙමළ ජාතික සන්ධානය යනු පක්ෂයක් මිස තනි සංවිධානයක් නෙවෙයි. ඒ නිසා සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ වැරැදි ප්‍රකාශ නිසා මහජනතාව අතර දැඩි අසීරුතාවකට පත් වන්නේ එහි සිටින මන්ත්‍රිවරුන්. ඒ නිසා තවදුරටත් සුමන්තිරන් මහතා වග විභාගයකින් තොරව ප්‍රකාශ නිකුත් කරන්නේ නම් ඔහු සමඟ මේ ගමන යෑමට දෙමළ ජාතික සන්ධානයට නොහැකියි.


වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon