මරණ දඬුවම ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ආන්දෝලනාත්මකයි

  👤  2561 readers have read this article !
By mawbima 2018-09-12

දෙනගම ධම්මික රණවීර


මරණ දඬුවම ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ආන්දෝලනාත්මක තීරණයක් බව එක්සත් ජාතීන්ගේ නව මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය අවධාරණය කර ඇත.


ඇය එසේ පවසා ඇත්තේ ඊයේ (11දා) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 39 වැනි සැසිවාරයේ ආරම්භක දේශනය පවත්වමිනි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එම සැසිවාරය සැප්තැම්බර් 28 දක්වා පැවැත්වෙයි.


එම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන ලද විශේෂ වාර්තා 2ක් පිළිබඳ සාකච්ඡාවට ගැනීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon