ආංශික අධීක්ෂණ කමිටු රැස්වීම් තවමත් පාර්ලිමේන්තු සංකීර්ණයේ

  👤  2558 readers have read this article !
By mawbima 2018-09-12

ජේ.ටී. ද සිල්වා


ආංශික අධීක්ෂණ කමිටු පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට පවරාගනු ලැබූ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලට යෑමට ඇතැම් මන්ත්‍රිවරු සහ නිලධාරීහු කැමැත්තක් නොදැක්වීම නිසා, ආංශික අධීක්ෂණ කමිටු තවදුරටත් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පවත්වාගෙන යෑමට සිදුවී ඇතැයි වාර්තා වේ.


යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු අගමැති රනිල් වික්‍රමසිංහ, එතෙක් පැවැති උපදේශක කාරක සභා අහෝසි කර, ආංශික අධීක්ෂණ කමිටු ස්ථාපිත කළේය.


එම කමිටු පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ සහකාර ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් නිලධාරි මණ්ඩලයක්ද අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබුණද, කෘෂිකර්ම අමාත්‍යාංශය පැවැති ගොඩනැඟිල්ලට යෑමට වැඩි පිරිසකගේ අකැමැත්ත පළ වෙමින් පවතින නිසා, තවදුරටත් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දැනට පවත්වාගෙන යන අයුරින් ඉදිරියටත් ආංශික අධීක්ෂණ කමිටු පවත්වාගෙන යෑමට සිදුවී ඇතැයි වාර්තා වේ.


මේ අතර අහෝසි කර තිබූ උපදේශක කාරක සභා යළි ස්ථාපිත කිරීමට තීරණය කිරීම නිසා ආංශික අධීක්ෂණ කාරක සභා සහ උපදේශක කාරක සභා යන දෙකම පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පවත්වාගෙන යෑමේදී පවතින ඉඩ ප්‍රමාණය ප්‍රශ්නයක් වී ඇතැයි පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.


උද්ගත වී ඇති මෙම තත්ත්වය යටතේ ආංශික අධීක්ෂණ කමිටු හා උපදේශක කාරක සභා කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලැබූ ගොඩනැඟිල්ලට ගෙනයෑම අනිවාර්යයෙන්ම සිදු විය යුතු බවට අදහස් පළ වී ඇති බව වාර්තා වේ.


මෙම කමිටු එහි ගෙනයෑම ප්‍රමාද කිරීමේ අපේක්ෂාවෙන්, දැනට වසරකටත් වැඩි කාලයක් එම ගොඩානැඟිල්ලේ අලුත්වැඩියා කටයුතු ඉබිගමනින් සිදු කෙරෙමින් පවතින බවද පාර්ලිමේන්තු සේවකයෝ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon