ඇතුල් වීම තහනම්! මන්ත්‍රි ජොන්ස්ටන්ගේ නඩුව විමසද්දී මාධ්‍යවේදීන්ට තහංචියක්

  👤  2578 readers have read this article !
By mawbima 2018-09-12

පොතුහැර -

එම්.ජේ. මොහොමඩ්


ඊයේ (11දා) ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේ නඩුව විමසන දිනයේදී කුරුණෑගල උසාවි භූමියට මාධ්‍යවේදීන්ට ඇතුළුවීම වළක්වා තිබිණි. කිසිදු මාධ්‍යවේදියකුට උසාවි භූමිය තුළට ඇතුළුවීමට පොලිසිය මඟින් ඉඩකඩ ලබාදුන්නේ නැත. නඩුව විමසන මහාධිකරණය අවටද පොලිස් ආරක්ෂාව තර කර තිබෙනු දක්නට ලැබිණි.


මෙම උසාවි සංකීර්ණය තුළ උසාවි පහක්ම පිහිටා තිබේ. මහාධිකරණය, දිසා අධිකරණය, අතිරේක දිසා අධිකරණය, ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හා අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය එකී අධිකරණ පහයි. ඊයේ නඩුවලට පෙනී සිටීමට නියමිත උදවියට ඒ ඒ උසාවියට යෑමට හැකිවූයේ පිවිසුම් ‍ෙදාරටුවෙහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට ඒ සම්බන්ධ විස්තර ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ඉහළින් ආ නියෝගයක් මත මෙම පියවර ගැනීමට සිදුවූ බව පොලිසියෙන් දැනගැනීමට ලැබිණි. මාධ්‍යවේදීන් ඇතුළු ජනතාවට සිදුවූයේ උසාවි සංකීර්ණයට ඇතුළුවන හා පිටවන ගේට්ටු අසලට වී බලා සිටීමය. පළාත් සභා මන්ත්‍රිවරුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක්ද ඊයේ උසාවි සංකීර්ණයට පිටතින් රැඳී සිටිනු දක්නට ලැබිණි. නීතිවේදීන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු උසාවි භූමියට ඇතුළුවනු දැකගත හැකිවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon