ලක්ෂ 35ක් වටිනා ස්වර්ණාභරණ සඟවාගෙන කටුනායකට ආ ගුවන් මගියා රේගු දැලේ

  👤  2531 readers have read this article !
By mawbima 2018-09-12

කටුනායක - ගයා තිරිමාදුර


නීති විරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියකු පෙරේදා (10දා) රාත්‍රි කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.


තිස් දෙහැවිරිදි ඉන්දීය ජාතිකයකු වන සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. ඔහු විසින් තමන් ඇඳ සිටි ඇඳුම් තුළ නිකල් පැහැති වර්ණයක් ආලේප කළ රුපියල් 35 ලක්ෂයක් පමණ වටිනා ග්‍රෑම් 548ක් බර මෙම ස්වර්ණාභරණ තොගය සඟවාගෙන තිබිණි. ස්වර්ණාභරණ තොගය සහ ඒවා රැගෙන පැමිණි ඉන්දීය ජාතිකයා වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon