බැංකුවකින් මුදල් ලබාගෙන තමන්ගේ සමාගමක ආයෝජනය කළ අයකුට විදෙස්ගත වීමට අවසර

  👤  2590 readers have read this article !
By mawbima 2018-09-12

අමිල අබේරත්න


ලංකා බැංකුවට අනුබද්ධ සමාගමක් වන එම්.බී.එස්.එල්. (ර්ඕඉඹ්) ඉන්ෂුවරන්ස් සමාගමට ලබාගත් ණය මුදලක් තමාට අයත් සමාගම් දෙකක ආයෝජනය කළේ යැයි කියන සිද්ධියකට අදාළව අධිකරණය මඟින් ඇප ලබා විදේශ ගමන් තහනමකට ලක්වී සිටි එම සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු වන සිඩ්නි ලෝරන්ස් ගජනායක නමැත්තකුට ලක්ෂ 10ක ශරීර ඇපයකට යටත්ව මේ මස 20 වැනිදා සිට 27 වැනිදා දක්වා තාවකාලිකව විදේශගත වීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අවසර ලබා දුන්නාය. ඇපකරු ඥාතියකු වියයුතු බවටද මහෙස්ත්‍රාත්වරිය කොන්දේසියක් පනවනු ලැබුවාය. තම දරුවාගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා සහභාගි වීමට ඕස්ට්‍රේලියාවට යෑම සඳහා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසට හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර ලබාදෙනු ලැබීය.

එම සමාගමේ හිටපු ගණකාධිකාරිවරයකු ද මේ පිළිබඳව චෝදනා ලැබ සිටින අතර ඔහුද මේ වන විට අධිකරණයෙන් ඇප ලබා සිටී. ඔහුටද අධිකරණය මඟින් විදේශ ගමන් තහනමක් පනවා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon