මේ කණ්ඩායමට අපි කළ දේවල් මදි කියලා දැන් මට හිතෙනවා - ඇමැති ෆයිසර්

  👤  2536 readers have read this article !
By mawbima 2018-09-12

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම ක්‍රීඩිකාවන්ට බලවත් අඩුපාඩුවක්ව පවතින දැල්පන්දු ක්‍රීඩාංගණයක් සැකසීමේ වගකීම රජයක් වශයෙන් තමන් ඇතුළු සියලු දෙනා භාරගත යුතු බවය.


"ලංකාවේ ගෘහස්ථ ක්‍රීඩාංගණවල අඩුවක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට දැල්පන්දු සම්බන්ධයෙන් විශේෂ ක්‍රීඩාංගණයක් සැකසීම කළ යුතුයි. කොහොම වුණත් මේ ජයග්‍රහණය සඳහා කණ්ඩායමේ සියලු දෙනා උදේ‍යාගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් කණ්ඩායමට සුබ පතන්න කියලා ජනාධිපතිතුමත් මට උපදෙස් ලබාදුන්නා. මේ කණ්ඩායමට අපි කළා මදි කියලා මට සමහර වෙලාවට හිතෙනවා. හැබැයි මේ කණ්ඩායමේ සියලු දෙනාගේම ඉදිරි ගමනට අපේ පූර්ණ ශක්තිය ලබා දෙන බවට මම පොරොන්දු වෙනවා" යැයි පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් විකාශන අයිතිය වෙනුවෙන් විදේශ ගිණුමකට මුදල් බැරවීමක් සම්බන්ධව ක්‍රිකට් ආයතනය විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (එෆ්.සී.අයි.ඩී.) කළ පැමිණිල්ල සම්බන්ධයෙන්ද මෙසේ අදහස් දැක්වීය.


"පොලීසිය මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් කළ යුතුයි. ඒ නිසා මේ පරීක්‍ෂණය පුළුවන් තරම් ඉක්මනට පවත්වලා වගකිවයුත්තන්ට විරුද්ධව කටයුතු කරන්න කියලා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඇත්ත හෙළිවෙයි" යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon