මා ගැන දන්නෝ දනිති - මාලිංග

  👤  2649 readers have read this article !
By mawbima 2018-09-12

මේ අතර විශේෂ මාධ්‍ය හමුවෙන් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කළ ලසිත් මාලිංග කියා සිටියේ තමන්ගේ උත්සාහය ක්‍රීඩා කරන 11 දෙනා අතරට පැමිණීම බවත් එම අවස්ථාව ලැබුණහොත් කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ක්‍රීඩා කරන බවත්ය. තවද තමන් පන්දුවාර 50 තරග ක්‍රීඩා කොට පෙන්වූ සාර්ථකත්වය නොදුටු පිරිස් බොහෝ ඇති බවද පෙනෙනවා යැයි පැවැසූ මාලිංග, "ගොඩක් මගේ සාර්ථකත්වය දැකපු නැති අයනෙ ඉන්නෙ. අසාර්ථකත්වය දැකපු අය නම් ගොඩක් ඉන්නවා. මම ක්‍රීඩා කරන්න ඕන හැටි මම දන්නවා. ඒක දන්න අයත් දන්නවා. කොහොම වුණත් ලෝක කුසලාන තරගාවලියක් ඉදිරියේ තියාගෙන ඒකට පෙර සූදානමක් හැටියට මෙම තරගාවලියට යන්න ලැබීම තරුණයන් ලද හොඳ අවස්ථාවක් විදියට මා දකිනවා" යනුවෙන් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon