විශේෂ අධිකරණ පිහිටුවූයේ ජනමතය වෙනස් කරන්න

  👤  2530 readers have read this article !
By mawbima 2018-09-12

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයට වසර 20කට පසු ලැබුණු 'බලය' නමැති පල් වළ ඉහගෙන කා දැඩි පිපාසය සංසිඳුවාගෙන ඇති බවත් ඒ බව සඟවා ගැනීමේ අරමුණින් විශේෂ අධිකරණ පිහිටුවා ජනමතය වෙනතකට යොමු කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.


ලාල් කාන්ත මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුව බරපතළම ගණයේ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කටයුතු කරන ගමන් හොරකම, දූෂණ සිදුකිරීමට අවශ්‍ය වටපිටාව ඔවුන් විසින්ම නිර්මාණය කරගත් බවය.


ඊට හොඳම උදාහරණය මහ බැංකු බැඳුම්කර සිද්ධිය වන අතර ඉන් තම තමන්ට කොටස් ලැබෙන බව එජාපයේ බොහොමයක් දැනගෙන සිටි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඔහු පැවැසුවේ බරපතළ වංචා දූෂණ කඩිනමින් විභාග කිරීම සඳහා මහාධිකරණ ස්ථාපිත කිරීමට ආණ්ඩුව කටයුතු කළේ ආණ්ඩුවේ අවසන් කාල පරිච්ඡේදය තුළ බවත් ගොඩ ගැසී තිබෙන වංචාවලට දඬුවම් දීමට තමන්ට නැවත බලය දෙන්නැයි එජාපය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටීම පුදුමයට කරුණක් නොවන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon