20 ගැන ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේදී කතා කරනවා

  👤  2471 readers have read this article !
By mawbima 2018-09-12

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවැසීය.


මධ්‍යම කාරක සභාවේ තීන්දුව අනුව පාර්ලිමේන්තු කණ්ඩායම කටයුතු කරන බවද මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.


ලබන 19 වැනිදා මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී පස්වරු 7.00ට මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව ඇති අතර ඉන් පසුව 67 වැනි සංවත්සර උත්සව කමිටුව ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. මේ අතර එදින මධ්‍යම කාරක සභාවේදී 'ජනබලය - කොළඹට' විරෝධතාවට එක් වූ ශ්‍රී ලනිප මන්ත්‍රින් ගැනද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.


දැනට ආසන බල මණ්ඩල හමු පවත්වා නොමැති ආසන සංවිධායකවරුන් ගැනද මෙහිදී සලකා බැලීමට නියමිතව ඇති බව මහ ලේකම්වරයා කීය.


ඊට අමතරව පක්ෂයේ ඉදිරි ප්‍රතිපත්ති සැලසුම් කිරීම, විද්වත් කමිටුවක් මඟින් සිදු කිරීම ගැනද මෙහිදී විශේෂ අවධානය යොමු කරන බවද මහ ලේකම්වරයා කියා සිටියේය.
මේ සඳහා සියලුම මධ්‍යම කාරක සභිකයන්ට ආරාධනා කරන අතර ඔවුන්ගේ සහභාගිත්වයද අනිවාර්ය කර ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon